සීමා නිර්ණය කමිටු වාර්තාව අවසන්, ඇමති ෆයිසර් විදේශගත වෙයි

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ කටයුතු අවසන් වී ඇති අතර දෙසැම්බර් 27 දින වාර්තාව බාරදීමට කටයුතු යොදා ඇත. කමිටු වාර්තාව බා...

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ කටයුතු අවසන් වී ඇති අතර දෙසැම්බර් 27 දින වාර්තාව බාරදීමට කටයුතු යොදා ඇත. කමිටු වාර්තාව බාරදීම සදහා දින නියම කොට තිබිය දී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විදේශගතවීමට නියමිතය. 

කීර්තිමත් සිවිල් සේවකයෙකු මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිසි බලධරයා ලෙස ද පත් කරනු ලැබූ අශෝක පීරිස් මහතා සීමා නිර්ණය කමිටුවේ සභාපති ධූරය දරයි. දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සාලිය මැතිව්, මිස්බා සතාර්, උපුල් කුමරප්පෙරුම සහ මහාචාර්ය බාලසුබ්‍රමානියම් පිල්ලේ කටයුතු කරයි. ඉතා කැපවීමෙන් සීමා නිර්ණය කටයුතු සිදු වූ අතර ඔවුන් තම වාර්තාව අවසන් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද දෙසැම්බර් 23 (ඊයේ) දැනුම් දී ඇත.

කමිටුවේ වාර්තාව බාරදීමට නියමිත දිනයේ විෂය බාර අමාත්‍යවරයා විදේශගතව සිටී නම්, වැඩ බලන අමාත්‍යවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටු වාර්තාව බාරදීම සීමා නිර්ණය කමිටුවේ වගකීම වේ. පළාත් පාලන මැතිවරණ කල් දැමීම හේතුවෙන් පලාත් පාලනයේ බරපතල අර්බුද ගණනාවක් මතුව ඇත. හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සදහා දැනට ඇති බාධාව වී ඇත්තේ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමයි.

එබැවින් සැලසුම් කළ පරිදි දෙසැම්බර් 27 දින වැඩ බලන අමාත්‍යවරයා හෝ ලේකම්වරයා වෙත බාරදීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඉල්ලා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5228705704340659383

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item