චමල් ඇතුළු මහින්ද පිලේ ශ්‍රීලනිප සංවිධායකවරු පක්ෂයෙන් දොට්ට?
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වාඩි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් තම තමන්ගේ ...

https://www.sathhanda.com/2016/12/blog-post_95.html
මෙම මන්ත්‍රීවරුන් අතර ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, චමල් රාජපක්‍ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් 12 දෙනෙක් වෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ රටපුරා සියලුම මැතිවරණ කොට්‌ඨාසවල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන බල මණ්‌ඩල පිහිටුවීම 4 වැනිදා ආරම්භ වේ.
මෙම වැඩසටහන යටතේ ආසන බල මණ්‌ඩල පිහිටුවීම ආසන සංවිධායක ධුර දරන විපක්‍ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාම සිදුකළ යුතු බවත් අද වන තුරු ඉහත සංවිධායකවරුන් ආසන බල මණ්‌ඩල නොපිහිටුවන බවට පක්‍ෂයට කිසිම දැනුම් දීමක් කර නොමැති බවත් ඇමැතිවරයා පැවසී ය.
4 වැනිදායින් පසුව තීරණයක් ගන්නා බවත් කිසිම කෙනෙක් පක්‍ෂයෙන් බලෙන් ඉවත් කිරීමට වුවමනාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
Related