බස් රථ වැඩ වර්ජනයේ - රට පුරා මගීන් පාරේ

අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප‍්‍රවාහනය අඩාල වී ඇති බව වාර්තා වෙයි. ලංගම බස් රථ හා ඇතැම් පු...

අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප‍්‍රවාහනය අඩාල වී ඇති බව වාර්තා වෙයි.

ලංගම බස් රථ හා ඇතැම් පුද්ගලික බස් රථ වර්ජනයට සහභාගී නොවී සුපුරුදු පරිදි ධාවනයේ යෙදෙයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ රාජකාරී කටයුතු සදහා යාමට බලාපොරොත්තුවෙන් බොහෝ පිරිස් මග දෙපස විශාල වශයෙන් රැදී සිටිති.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ ප්‍රවාහන කටයුතු සඳදහා ලංගම බස් රථ හැකි උපරිමයෙන් යෙදවිමට පියවර ගෙන ඇති බවයි.

වර්ජනය අඛණ්ඩව පැවතියහොත් සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බොහෝ පළාත්වල සිසුන් පාසැලට පැමිණීමද අඩු වී ඇත.

වැරදි කරන රියදුරන්ට රුපියල් 25000ක් දක්වා දඩ මුදලක් මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3791488346150758455

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item