වෘත්තීය සමිති ඒකාබද්ධ වූ සටනක්‌ ලබන සතියේ!

ආණ්‌ඩුව ඉදිරිපත් කළේ ජනතා විරෝධී අය වැයක්‌ බවත් ඊට එරෙහිව තවත් වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් ලබන සතියේදී දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය සමි...

ආණ්‌ඩුව ඉදිරිපත් කළේ ජනතා විරෝධී අය වැයක්‌ බවත් ඊට එරෙහිව තවත් වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් ලබන සතියේදී දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පැවැසීය. 

ඊයේ (30 වැනිදා) පැවැත්වු එක්‌දින වැඩ වර්ජනයෙන් රට පුරා රෝහල් සේවා අඩපණ වූ බව කී ඒ මහතා එහෙත් කාන්තා රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්‌ථාන, හදිසි අනතුරු අංශවල සේවා කටයුතු යථා පරිදි පවත්වාගෙන යැමට කටයුතු කළ බව කියා සිටියේය.

අය වැයෙහි ඇති අහිතකර යෝජනා පිළිබඳව ජනාධිපති, අගමැති, මුදල් ඇමැති හා සෞඛ්‍ය ඇමැතිට අවස්‌ථා ගණනාවකදී ම ලිතව දැනුම් දී සාකච්ඡා ඉල්ලා සිටි නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව ද එම සංගමය ඊයේ (30 දා) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සොයිසා මහතා කීය.

දැනට පවතින විශ්‍රාම වැටුප අහෝසි කරන්න අය වැයෙන් තීරණය ගෙන ඇති බව ද පාසල් දරුවන්ට රක්‍ෂණාවරණය ලබා දීම තුළින් රජයේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් ම විනාශ කර පුද්ගලීකරණය කිරීමේ ආරම්භය ලබාගෙන ඇති බවත් නවීන් ද සොයිසා මහතා කීය.

රක්‍ෂණාවරණ සඳහා රජය මගින් රක්‍ෂණ ආයතනයට රුපියල් බිලියන 2.5 ක්‌ ලබා දීමට නියමිත බවත්, එම මුදල් රජයේ නිදහස්‌ සෞඛ්‍ය සේවාවට යෙදවූයේ නම් මීට වඩා පහසුකම් ලබා දීමට හැකි බව ද පැවසීය. මෙම රක්‍ෂණය මගින් පෞද්ගලික රෝහල් ශක්‌තිමත් කර රජයේ රෝහල් විනාශය කරා යැමට ඉඩ සලසන බව ද පැවැසීය.

රජයේ රෝහල් පෞද්ගලික අංශයට විවෘත කිරීමත් රෝගීන්ට බිලක්‌ නියම කිරීමට පියවර ගෙන තිබීමත් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප, දීමනා හා ප්‍රධාන රැකියාවෙන් පසුව කරන රැකියාවන් අධික බදුවලට යටත් කිරීමත් වෘත්තීයවේදීන් රට තුළ හා රාජ්‍ය සේවයේ රැඳී සිටීම අධෛර්යවත් කිරීමට ගත් පියවරයන් බව ද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 979271273524612994

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item