තවත් දුප්පත් පවුලකට නිවසක් සාදා දීමට ප්‍රජා සත්කාරය නොමසුරු ඔබේ සහය පතයි !

එඩේරමුල්ල දුම්රිය ස්ථනය ආසන්නයේ වගුරු බිමෙහි කණුමත නිවසක් ඉදිකරගෙන ජීවත් වු අවුරුදු තුනට අඩු නිවුන් දරුවන් දෙදෙනෙකු සහ මාස 8 ක දරුවෙකු දෙමා...

එඩේරමුල්ල දුම්රිය ස්ථනය ආසන්නයේ වගුරු බිමෙහි කණුමත නිවසක් ඉදිකරගෙන ජීවත් වු අවුරුදු තුනට අඩු නිවුන් දරුවන් දෙදෙනෙකු සහ මාස 8 ක දරුවෙකු දෙමාපියන් සමග අසරණව ජීවත් විය.

මේ පිලිබද අවධානය යොමු කල ප්‍රජාසත්කාරය ෆේස්බුක් සංවිධානය විසින් මොවුන් හ‍ට නව නිවසක් ඉදිකරදීමට වැඩසටහනක් ආරම්භ කලේ මින් අනතුරුවය‍‍. දරුවන්ගේ පියා ගසකින් වැටි එකතැන්ව සිටි මොහොතේ මෙම දරුවන් සදහ අවශ්‍ය ආහාර ඇදුම් පැලදුම් කිරිපිටි සහ වියලි ආහාර ද්‍රව්‍ය ලබාදී පියා සුව වන තුරු  රැක බලාගත් ප්‍රජාසත්කාර සංවිධනය , පසුව නිවසක් තනා දීම සදහා ඉඩමක් ‍සොයා ගැනීම සදහා වෙහෙසුනි. 

එ අතරම මෙම දරුවන් සිටි නිවසේ කණු දිරා යාමත් නිවස ජලය මත පිහිටිම සහ දුම්රිය මාර්ගය ආසන්නයේ නිවස තිබිම හේතුකොටගෙන  ප්‍රජාසත්කාර ෆේස්බුක් සංවිධානය විසින් ඔවුන් එම අනාරක්ෂිත ස්ථාන‍යෙන් ඉවත් කර මාස හයක කුලී පදනම මත කුලී නිවසක පදිංචි කිරීමට කටයුතු කලේය , අද වන විට ඔවුන් එම කුලී නිවසේ ඉතා හොදින් ආරක්ෂිතව ජීවත් වේ .

ප්‍රජාසත්කාරය ෆේස්බුක් සංවිධානයට අවසානයේ එම දුප්පත් පවුල සදහා නව නිවසක් ඉදිකිරීමටකඩවත නුවර පා‍ර ආසන්නයේ පර්චස් 10 ක වටිනා ඉඩමක් පරිත්‍යාගශිලියෙකුගෙන් ලැබුනු අතර ,මේ වන විට නිවස ඉදිකරීමට අවශ්‍ය ද්‍රව්‍යද ලැබෙමින් පවති , 

2016-10-09 වන දින නව නිවස ඉදිකිරීම සදහා මුල්ගල තබා වැඩ අරම්භ වු අතර එම දුප්පත් පවුල සදහා ප්‍රජාසත්කාරය විසින් මාසික කුලී ගෙවමින් ලබාගත් කුලී නිවසේ කාලය අවසාන වීමට ආසන්න බැවින් සහ ඉදිරියෙදි වැසි කාලය පැමිණිම හේතුවෙන් මෙම නිවස හැකි ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට අවශ්‍යව පවතී ,

මේ සදහා ඔබ විසින් දුක්මහන්සි වී උපයාගන්නා මුදලෙන් සුලු පරිත්‍යාගයක් කර මේ පුංචි දරුවන්ගේ අනාගතය කල එලි කිරීමට ඔබටත් දායක විය හැක

මේ සදහා ප්‍රජාසත්කාර ෆේස්බුක් සංවිධානය විසින් අරමුදලක් ආරම්භ කර ඇති අතර ඔබගේ ආධාර මුදල් පහත සදහන් අරමුදල වෙත බැරකල හැක,

Bank name - Sampath bank PLC
Branch - colombo super branch
Branch address- no.103, dharmapala mawatha , colombo 07.
Branch code -175
SWIFT Code- BSAMLKLX
Account name - SL AID
Account number - 117561000881

වැඩි විස්තර සදහා අමතන්න.

චානක - 075-5117610 
දේශාල් - 076-8340705
අනුරුද්ධ - 077-2303727
විඡේසිරි - 077-7156616

ප්‍රජාසත්කාරය සංවිධානය ග්රෑප් එකට සහ ඔවුන් මෙතෙක් ආ ගමනේ වැඩි විස්තර දැනගැනීම සදහා මේ ලින්ක් එකෙන් යන්න.











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7626405704203358982

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item