ක්‍රෝටන් කොළ ෆයිඩ් රයිස් සහ කොස් කොළ චොප්සිය ඇත්තටම මෙන්න

ක්‍රෝටන් කොළ ෆයිඩ් රයිස් සහ කොස් කොළ චොප්සිය කෘෂිකර්ම අමාත්‍යංශයේ ආපනශාලාවන්හී ආහාරය සඳහා අලෙවි කරන්නේ නම් පමණක් දිවයින පුරා සියල...




ක්‍රෝටන් කොළ ෆයිඩ් රයිස් සහ කොස් කොළ චොප්සිය කෘෂිකර්ම අමාත්‍යංශයේ ආපනශාලාවන්හී ආහාරය සඳහා අලෙවි කරන්නේ නම් පමණක් දිවයින පුරා සියලුම ආපනශාලාවන් හී අලෙවි කිරීමට කටයුතු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා පවසා ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියමක් ලෙස ක්‍රෝටන් කොළ සහ කොස් කොළ ආහාරයට ගත හැකි බවත් ඒ අනුව ක්‍රෝටන් කොළ භාවිතා කර ගනිමින් ෆයිඩ් රයිසයක් හා කොස් කොළ භාවිතා කරමින් චෝප්සියක් තමා සකස් කල බව අසේල සම්පත් පැවසීය.

සකස් කල ආහාරවල ‍පෝෂ්‍ය ගුණය කෙසේද යන්න පිළිබඳ ‍පෝෂණ වේදියෙකුගේ පරික්ෂාවට ලක් කර එය ප්‍රකාශයට පත් කරන්නැයි අසේල මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එම ආහාරයේ පවතින පෝෂ්‍ය ගුණය ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන්නේ නම් පමණක් තමා දිවයිනේ සියලුම ආපන ශාලා වෙත අලෙවිය සඳහා නිකුත් කරන බවද අවදාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1137639124653410712

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item