ඒකාබද්ධ විපක්ෂය විරෝධතාවකට සැරසෙයි
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (23) රාත‍්‍රී පවත්වා තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ශ‍්‍රී ...
https://www.sathhanda.com/2017/01/blog-post_232.html?m=0
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (23) රාත‍්‍රී පවත්වා තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව කෙරෙහි එහිදී විශේෂයෙන් අවධානය යොමුව තිබෙනවා.
මෙම නඩුව පාදක කරගනිමින් අදාළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිත විවාදය කල්දැමීමට තීරණය කළහොත් ඊට එරෙහිව විරෝධතා සිදුකිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
ලබන 27 වෙනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය පිළිබඳව ද දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.

Related