අගමැති යළි එන තෙක් ජනපති හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු ත...
https://www.sathhanda.com/2017/01/blog-post_294.html?m=0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.
එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.
මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රදේශයේදී සිදුකෙරිණි.


Related