කටුනායකට පැය පහකට කලින් එන්න

හෙට (06) දින සිට අප්‍රියෙල් 05 දක්වා කාළය තුළ සියලුම පිටත්ව යෑමට නියමිත ගුවන් මගීන් , තම පිටත්ව යෑමට නියමිත වේලාවට පැය 05 කට කලින් කටුනාය...

හෙට (06) දින සිට අප්‍රියෙල් 05 දක්වා කාළය තුළ සියලුම පිටත්ව යෑමට නියමිත ගුවන් මගීන් , තම පිටත්ව යෑමට නියමිත වේලාවට පැය 05 කට කලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ on line checking ක්‍රමයට පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද සම්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගුවන් තොටුපළ පිවිසුම් දොරටු සමීපයෙහි පිටත්ව යන ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගෙන පරීක්ෂා කරන ස්ථානයක් bag drop ලෙස සූදානම් කර ඇති බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ආගමන – විගමන දෙපාර්තමේන්තු කවුන්ටර් දැනට පවතින ප්‍රමාණයට වඩා වැඩිපුර කවුන්ටර් 06 ක් පමණ අදාළ කාළ සීමාව තුළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර , ඒවාට වැඩිපුර නිලධාරීන් පිරිසක් ද අනුයුක්ත කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව පැය 24 පුරා ගුවන් තොටුපළ තුළ සේවයෙහි යෙදී සිටින අතර , අදාළ කාළ සීමාව තුළ පිටත්වීමේ පර්යන්තයේ දහවල් 12.30 පමණ සිටම සිය රාජකාරි කටයුතු සදහා අතිරේක නිලධාරීන් ද අනුයුක්ත කිරීමට අපේක්ෂිතයි.

ගුවන් තොටුපළ සහ කටුනායක පොලිසිය ද අද මධ්‍යම රාත්‍රියේ සිටම මෙම වැඩසටහනට සමගාමිව නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අරඹා තිබෙනවා.

ඒ අනුව කොළඹ දෙසින් ගුවන් තොටුපළට පිවිසෙන කැනඩා මිත්‍ර මාවත තුළ වාහන ගමනාගමනය ගුවන් තොටුපළ දෙසට පමණක් සීමා කර තිබෙනවා.

එහෙත් අධිවේගී මාර්ගය පසුකර පැමිණෙන ගුවන් යානා කාර්යය මණ්ඩල වලට පමණක් ගුවන් බඩු ගම්මානය අසලින් ගුවන් තොටුපළට පිවිසිය හැකි වනවා.

ගුවන් තොටුපළට පිවිසෙන සියලු මගීන් කටුනායක නිදහස් වෙලෙඳ කළාපය ඉදිරිපිට තිබෙන ප්‍රධාන පිවිසුමෙන් ගුවන් තොටුපළට ඇතුලු විය යුතුයි.

ඊට අමතරව මිනුවන්ගොඩ ආඩිඅම්බලම දෙසින් ගුවන් තොටුපළට පිවිසෙන ගුවන් යානා කාර්යය මණ්ඩල නයි කන්ද පාමුල ඇති ශ්‍රී ලන්කන් පිවිසුම භාවිතයෙන් ගුවන් තොටුපළ තුලට පිවිසිය හැකියි.

මීට අමතරව විකල්ප මාර්ග ලෙස කෝවින්න මාර්ගය , යාගොඩමුල්ල ධම්මාලෝක මාර්ගය මෙන්ම සීදුව බේස්ලයින් මාර්ගය ද භාවිතා කිරීමට යෝජිතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4228303879484348161

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item