විධායකය අහෝසි කරන්න ජනපති බැඳී සිටිනවා - කිරිඇල්ල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට බැඳී සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවස...
https://www.sathhanda.com/2017/01/blog-post_520.html?m=0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට බැඳී සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත්, එම ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ යැයි ජනාධිපතිවරයා පවසා නොමැති බවත් කිරිඇල්ල පවසයි.
එමෙන්ම ආණ්ඩුවේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ජනවරමට ගරු කළ යුතු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සිටිනුයේ එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලැබුණු නිසා බවද ඒ මහතා පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.


Related