රතන හිමි හෙළ උරුමයෙන් ඉවතට? - මන්ත්‍රීධූරයෙන් ඉවත්වන්නැයි දන්වයි

පක්ෂ මධ්‍යම කාරක සභාවේ තවදුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූ...

පක්ෂ මධ්‍යම කාරක සභාවේ තවදුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ජාතික හෙළ උරුමය ලිඛිතව දැනුම් දී තිබේ.

කොළඹදී අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සඳහන් කළේ අදාළ දැනුම්දීම මේ වනවිට රතන හිමි වෙත යවා ඇති බවයි.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නම් හෙළ උරුමයෙන් ඉවත් වන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොරොන්දුවක් ලබා දි තිබූ බව ද එම මාධ්‍ය හමුවේදී විමලසාර හිමියන් ප‍්‍රකාශ කළහ.

ඒ අනුව රතන හිමියන්ගේ වත්මන් ස්ථාවරය දැනගැනිම සදහා පක්ෂය අදාළ ලිපිය යොමු කළ බව පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පැවසූහ.

පක්ෂය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රීධුරයෙන් ඉවත්වන ලෙසට රතන හිමියන්ට දැන්වූ බවත් රතන හිමියන්ට මන්ත්‍රීධුරය ලබාදුන්නේ පක්ෂය වෙනුවෙන් වැඩකරන බවට වූ පොරොන්දුව මත බවත් විමලසාර හිමියන් සඳහන් කළහ.

කෙසේ වෙතත් මීට පෙර රතන හිමියන් ප්‍රකාශ කළේ තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් ස්වාධීනව මන්ත්‍රීධුරයේ කටයුතු කරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8389703665335251499

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item