සතුන් සමග ලිංගිකව එක් වීමට දෙනවාද? - සුජීව කැබිනට් එකෙන් අසයි

සතුන් සමග ලිංගිකව එක්වීමට කැමතියි නම් රජය එයට ද ඉඩ දෙන්නේ දැයි වැඩ බලන ඇමති සුජීව සේනසිංහ ඊයේ (17) කැබිනට් රැස්වීමේදී විමසා ඇතැයි වාර්තා ...

සතුන් සමග ලිංගිකව එක්වීමට කැමතියි නම් රජය එයට ද ඉඩ දෙන්නේ දැයි වැඩ බලන ඇමති සුජීව සේනසිංහ ඊයේ (17) කැබිනට් රැස්වීමේදී විමසා ඇතැයි වාර්තා වේ.

GSP + බදු සහනය ලබා ගැනීමට අදාළව අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ඉදිරිපත් කල මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (National action plan for the protection and promotion of human rights 2017-2021) වැඩ බලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය සිනා සයුරේ ගිල්වමින් සුජීව සේනසිංහ එම කාරණය විමසා සිටිබව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ 'වික්ටෝරියානු සදාචාරයේ' පීඩාකාරී නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවක් එහි සඳහන්ව ඇත.

තාක්ෂණික වචන (Discrimination on sexual orientation & Transactional sex) කිහිපයක් එක්කර තිබු එම යෝජනාව පිළිබඳව හර්ෂද සිල්වාගෙන් අමාත්‍යවරු කල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද අවසානයේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ශේප කර ඇති අතර රටේ සංකෘතියට හානි වන තීරණ කිසිලෙසකින්වත් කවර තත්වයන් යටතේ වුවද ගත නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2775400763392545543

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item