සීමා නිර්ණ වාර්තාව - එජාප අත්සන අද නොවේ හෙට !

පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට තමා හෙට (17) දිනයේදී අත්සන් කරන බව එම කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත නීති...

පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට තමා හෙට (17) දිනයේදී අත්සන් කරන බව එම කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත නීතිඥ ඒ.එස්.එම්. මිස්බා පැවසු බව වාර්තා වෙනවා.

මින් පෙර පවසා තිබුනේ එය අද දිනයේ අත්සන් කරන බවය. 

මිස්බා මහතා මෙම වාර්තාවට අත්සන් තැබීමත් සමග වාර්තාවේ සියලු අත්සන් සම්පූර්ණ වන බව අශෝක පීරිස් පැවසිය.

ඒ අනුව හෙට දිනයේ දී එම වාර්තාව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට බාරදීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.

පළාත්පාලන කොට්ඨාස සීමා නීර්ණයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනා සලකා බැලීම සඳහා අදාළ කමිටුව පත් කර තිබිණ.

එහි අවසන් වාර්තාව මීට පෙර අවස්ථාවක ද පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යවරයා වෙත භාරදීමට උත්සහ කෙරුණ නමුත්, ඒ වනවිට ඊට අත්සන් තබා තිබුණේ කමිටුවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකු පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් එම වාර්තාවට අත්සන් තබා නොතිබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3179466736647243581

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item