ආණ්ඩුව දුර්වල වනවිට ඒකාබද්ධය හිරේ දානවා - මහින්ද රාජපක්ෂ
ආණ්ඩුව දුර්වල වෙන හැම අවස්ථාවකදීම ඒ අය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය හිරේ දාන එක යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ...
https://www.sathhanda.com/2017/01/blog-post_927.html?m=0
ආණ්ඩුව දුර්වල වෙන හැම අවස්ථාවකදීම ඒ අය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය හිරේ දාන එක යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ ක්රියාකාරීන් අත්අඩංගුවට පත්වීම පිළිබඳව කළ විමසීමකදී රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් රැසක් බන්ධනාගාරගත වෙලා ඉන්න නිසා ඒ අය බලන්න මම නිතරම බන්ධනාගාරයට යනවා.
ආණ්ඩුවට ප්රශ්න ආවහම ඒ අය දුර්වල වේගෙන එනකොට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ හිරගෙවල්වල දානවා. ඒක පුදුම වෙන්න දෙයක් නැහැ.
ලබන ඉරිදා මහ ඇමැතිවරු මා හමුවෙන්න එනවා. ඒ හමුවීම සුබවාදී වෙයිද අසුබ වෙයිද කියලා කියන්න බැහැ යෑයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


Related