හම්බන්තොට චීන කොලනියට ගම්මුන්ගේ විරෝධය ගැන ලොව සුපතල Forbes වෙළෙඳ සඟරාව වාර්තා කරයි

ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට අතර ඉතා ජනප්‍රිය ලෝකයේ සිටින විශාලතම ව්‍යාපාරියින් මෙන්ම ව්‍යාපාරවල සුදුසු රටවල් සම්බන්ධයෙන් පුවත් පල කරන ෆොබ්ස්...

ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට අතර ඉතා ජනප්‍රිය ලෝකයේ සිටින විශාලතම ව්‍යාපාරියින් මෙන්ම ව්‍යාපාරවල සුදුසු රටවල් සම්බන්ධයෙන් පුවත් පල කරන ෆොබ්ස් Forbes වෙළෙඳ සඟරාව පසුගිය ජනවාරි 7 වෙනිදා ශ්‍රි ලංකාවේ හම්බන්තොට සිදු වූ කලබලකාරි සිද්ධියට සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුනි.

මෙහි විශේෂයෙන්ම සඳහන් කොට තිබුණේ පසුගිය දා චීනයයේ සංචාරය යෙදුණු ශ්‍රීලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන රජයන් ඉල්ලා සිටියේ ජනතාව අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් ලබාදීමට එහි ජනතාව කැමති නොවන බවත් හම්බන්තොට වරාය හා ඒ අවට අක්කර 15000 ක් පමණ විශාල ඉඩම් ප්‍රමාණයක් චීන කර්මාන්ත පුරයක් ඉදිකිරීම් සඳහා වෙන්කලහොත් ජනතාවගේ දැඩි විරෝධයක් හා අප්‍රසාදයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පාලනය නොහිතපු අවස්ථාවක වෙනස් කිරීමට වත්මන් පාලකයින් කටයුතු කලත් ප්‍රසිද්ධියේ තම රටේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකළ බවද එම සඟරාව වාර්තා කොට ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී දෙවසර සැමරීමේදි චීනයට 80% හිමිවන පරිදි වසර 99 ක් සඳහා හම්බන්තොට වරාය සහ අවට අක්කර 15000 ක් ඇ.ඩොලර් බිලියන 1.1 ට ණය පියවා ගැනිමට චීනයට ලබාදීමට ඒ හරහා විශාල චීන කර්මාන්ත පුරයක් සහිත ආයෝජනයක් ලබා ගැනිම ශ්‍රීලංකාවට ජීවිත කාලයටම වාසියක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලත් එම ප්‍රදේශයේ ජනතාව එය පිලිගැනිමට කැමති නොවු අතර එම ගිවිසුම අනුව කර්මාන්ත පුරය සඳහා ඉඩම් චීනයට භාරදීමට සංවිධානය කල උත්සවයට ජනතාවගේ විරෝධය එල්ල වු බව එම සඟරාව පවසයි.

මෙහිදී රජයේ උදව්කරුවන් විසින් ප්‍රදේශයේ විරෝධතා පෑවත්වූ පිරිසට පහරදීම් ආරම්භ කල අතර එය ඉතා විශාල ප්‍රහාරයක් දක්වා පැතිරිම තුලින් එම විරෝධයට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස තුවාල ලබා ගිලන් රථ මගින් ගෙන ගිය බව පවසන එම සඟරාව ප්‍රදේශයේ ජනතාවගේ ගොවිතැන කොට ජීවත්වන ඉඩම් සහ ඔහුනගේ දේපළ මේ ආකාරයෙන් පවරා ගැනිමටත් විශාල ජනතාවගේ ඉඩම් අහිමි වන කර්මාන්ත පුරයක් ගෙන ඒම ජනතාව අනුමත නොකරන බව හිටපු ජනාධිපතිවරයා කියු ප්‍රකාශ නිවැරැදි බවත් සිදු වූ සිද්ධින් වල ඡායාරූප කිහිපයක්ම සමඟ පලකොට තිබුනි.

ෆොබ්ස් Forbes වෙළෙඳ සඟරාව මෙතනින්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8938224815228255380

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item