සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි

සූරියවැව පොලිසිය වාර්තා කරන අන්දමට, නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විද...

සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි

සූරියවැව පොලිසිය වාර්තා කරන අන්දමට, නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මිය ගොස් තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමේදී මිය ගිය අය වන්නේ සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් දරු මවක් වන විජයමුනිගේ එනෝකා හර්ෂණී නම් 38 වියේ පසුවූ කාන්තාවක් හා ඇයගේ පස් හැවිරදි පුත්‍රයා වූ වීරසිංහගේ ගඟන ඉදුවර නම් අයයි.

නිවසේ හිමිකරු මීට ටික දිනකට පෙර කුඩා ලොරි රථයක් මිළදී ගෙන ඇති අතර, එම ලොරි රථය නිවසේ නවතා තිබියදී මීට පෙර දිනයකදී ලොරි රථයේ බැටරිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබේ.

ඊට පිළියමක් ලෙස, සොරුන්ගෙන් ලොරි රථය ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අනවසර විදුලි රැහැනක් ඇද තිබුණු බව පොලිසිය කියයි.

එසේ අදින ලද අනවසර විදුලි රැහැනේ විදුලිය විසන්ධි කිරීමට නිවෙස් හිමියාට නොහැකි වීම නිසා, ඔහුගේ බිරිඳ හා පුත්‍රයා මෙම අනතුරට ලක්ව තිබේ.

මෙම සිදුවීම තවත් අවධානය යොමු කරන්නේ නිවස් ආරක්ෂාව සඳහා අනවසර විදුලි රැහැන් භාවිතයේ ඇති අන්තරායන් පිළිබඳවයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6873336507916318525

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item