බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි
මෙම මෘත ශරීරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්...

https://www.sathhanda.com/2025/03/blog-post_37.html
මෙම මෘත ශරීරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී, ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් සිටි බව පැවසුවේය. ඒ අනුව, ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග එක්වී මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඉඩමේ හිමිකරු හා ඔහුට සහය දුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 38 හා 46 වයස්වල පසුවන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
Related