නරක් වූ පොල්තෙල් තොගයක් පොළොන්නරුවෙන් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා ...

නරක් වූ පොල්තෙල් තොගයක් පොළොන්නරුවෙන් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ වැටලීම සිදුකර තිබුණි.

එහිදී පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල් ලීටර් 7,920ක් අඩංගු යකඩ බැරල් 36ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8542709137560024567

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item