පළාත් කීපයකට අද වැස්ස
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ...
https://www.sathhanda.com/2025/03/blog-post_326.html?m=0

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක් තද සුළං ඇති විය හැකියි.


Related