හිටපු ඇමති මර්වින්ට වැඩ වැරදුණු ඉඩම් ගනුදෙනුව

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවටගත් සැකකරුවන් අපරාධ පරීක්...

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවටගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (6) පස්වරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් වන්නේ නවීන් වීරකෝන් සහ සිංහබාහු ජයන්ත යන තැනැත්තන්ය.

මෙහිදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කරුණු දැක්වීම ආරම්භ කළේය. ''ස්වාමීනි, කිරිබත්ගොඩ නවනගර සැලැස්ම යටතේ 2010 වසරේදී රජයට අත්පත් කරගත් දේපොළක් කූඨ ලේඛන සකස්කරමින් පුද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙහි පළමු සැකකරු ව්‍යාජ ඔප්පුවක් සකස්කළ අදාළ ඉඩම මිලදීගත් තැනැත්තා. දෙවැනි සැකකරුවන මර්වින් සිල්වා එවකට රජයේ අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් සිය අනුදැනුම මත මෙම වංචාව සිදුකර තිබෙනවා. තෙවන සැකකරු එම සිද්ධිය වන අවස්ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ලෙස කටයුතුකර තිබෙනවා".

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් කියා සිටියේ, අදාළ දේපොළ රජයට අයත්ද යන්න ප්‍රශ්නගත බැවින් මෙම නඩුවට අදාළව පොදුදේපොළ පනත යොදාගත නොහැකි බවයි. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

අනතුරුව විමර්ශන නිලධාරීන් විවෘත අධිකරණයේ යළි කරුණු දැක්වූහ. '' ස්වාමීනි, මෙම ඉඩම රජයට අයත් දේපොළක් බව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන්ගෙන් අප ලබාගත් ප්‍රකාශයකින් තහවුරු වුණා. මෙම වංචාව සිදුකර ඇත්තේ කණ්ඩායමක් එකතුවී කුමන්ත්‍රණකාරී ලෙසයි. ව්‍යාජ ඔප්පුවේ අයිතිකරු ලෙස නම සඳහන් විමල් අත්තනායක නමැත්තා මර්වින් සිල්වාගේ දේශපාලන කටයුතුවලට සහාය දැක්වූ අයෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කිව්වා, දිනක් තමන්ව මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ කාර්යාලයට කැඳවා හිස්කොළයක් දීලා අත්සන් කරන්න කියලා. එය හිස්කොළයක් බැවින් තමන් අමාත්‍යවරයාගේ මුහුණ බැලූවිට, තම




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2967637834476274674

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item