රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙය Head to He...

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙය Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදී සිදුවිය.

ප්‍රශ්නයක් ලෙස, "පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?" යනුවෙන් ඇසුවේය.

මෙයට පිළිතුරු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, "මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන" යනුවෙනි.

තවත් ප්‍රශ්නයක් ලෙස, "2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?" යනුවෙන් ඇසුවේය.

මෙයට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ, "කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද?" යනුවෙනි.

තවත් ප්‍රශ්නයක් ලෙස, "ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා?" යනුවෙන් ඇසුවේය.

මෙයට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ, "ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය" යනුවෙනි.

තවත් ප්‍රශ්නයක් ලෙස, "යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව" යනුවෙන් ඇසුවේය.

මෙයට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ, "යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ" යනුවෙනි.

තවත් ප්‍රශ්නයක් ලෙස, "ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි"




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6403551007627774880

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item