අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් මෙම වංචාසහගත ප්‍රචාරණ සිදුකරමින් සිටින...

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් මෙම වංචාසහගත ප්‍රචාරණ සිදුකරමින් සිටින බවද නිවේදනයේ දැක්වේ. මෙම දැන්වීම් මගින් ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ජනතාව තුළ ඇති සුහදතාව හා විශ්වාසය බිඳ දමා, මහජනතාව නොමඟ යවන ලෙස සැලසුම් කර ඇති බවට අනතුරු ඇඟවීමක් ද එයින් සිදුවේ.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක වන මෙම වංචනික ගිණුම් මගින් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් වංචනික දැන්වීම් හා ප්‍රවර්ධනයන් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් දන්වා ඇත. එම නිසා, රජයේ නිලධාරීන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම් වලින් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 2821636652445461866
item