වෛද්‍යවරිය මුහුණදුන් සිද්ධිය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් අනුරාධපුරයට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන්න...

වෛද්‍යවරිය මුහුණදුන් සිද්ධිය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් අනුරාධපුරයට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම සිදුවීම පිළිබඳව දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවයි.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත. අමාත්‍යංශය අපේක්ෂා කරන්නේ, මෙම සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වනු ඇති බවයි.

මෙම අවස්ථාවේදී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 7903350227918208295
item