සත්ව සංගණනය ගැන අහන්න මෙහෙයුම් මැදිරියක්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් සිදු කිරීම සඳහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. මෙම මෙහෙයුම් ම...

සත්ව සංගණනය ගැන අහන්න මෙහෙයුම් මැදිරියක්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් සිදු කිරීම සඳහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. මෙම මෙහෙයුම් මැදිරිය අද (11) දින සිට 15 දින දක්වා ක්‍රියාත්මක වන අතර, සංගණනය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පැන නැගුණහොත් 011-2034336 දුරකථන අංකයෙන් විමසීම් සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මාර්තු 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම සංගණනය සඳහා අදාල පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වගාවන්ට හානි කරන වන සතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව ලැබී නොමැති නම්, එම ගැටළුව පිළිබඳව කලබල නොවී ප්‍රකාශිත කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගැනීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 3200198010986114455
item