කාලගුණයේ වෙනසක් අපෙක්ෂා කරයි
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින්, හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ද...

https://www.sathhanda.com/2025/03/blog-post_70.html
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින්, හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව, තැනින් තැන වැසි ඇති වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
එසේම, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව දක්වා ඇත.
මෙම කාලගුණික වෙනස්වීම් තාවකාලික වන අතර, එය දිවයින පුරාම බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරයි.
Related