නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක්?
"මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යන...

"මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පසුගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් න්‍යාමනය කරන කොට අපේ ආදායම වැඩිවෙන්න පටන් ගත්තා ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානූකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්."
"ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා... දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා."
එහිදී අදහස් දැක්වූ සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ 2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සැර මත්පැන් භාවිතය වාර්ෂිකව අඩුවෙමින් පවතින බවය. නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රව්‍යන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය. මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර එමගින් රුපියල් බිලියන 50ත් 100ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බව සුරාබදු නිලධාරි ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
Related