විශ්‍රාමික යුද හමුදා භටයාගේ නිවසේ උණ්ඩ තොගයක්
ගලෙන්බිදුණුවැව, ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ප...
https://www.sathhanda.com/2025/03/blog-post_709.html?m=0

ගලෙන්බිදුණුවැව, ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය වාර්තා කරයි.
විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ නිවසේ මුලුතැන් ගෙයි කබඩයක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 128ක්, පුහුණු උණ්ඩ 26ක්, යකඩ හෙල්මට් 1ක් සහ යුද හමුදාව භාවිතා කරන වාහන සෙට් එකක් පොලිසිය සිය බාරයට ගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙම විශ්‍රාමික යුද හමුදා සෙබළා දැනට වසර එකහමාරකට පමණ පෙර විදේශගතව සිටින බවත් පොලිසිය පැවසීය.


Related