දේශබන්දු දුටු තැන අල්ලනු

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩං...

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා අද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින්, සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි දේශබන්ධු තෙන්නකෝන් සැගවී ඇතැයි සැක කරන ස්ථාන දහයක් පරික්ෂා කර ඇති බවත්, එහෙත් ඔහු සොයා ගත නොහැකි වූ බවත් අධිකරණයට දන්වා ඇත. ඊට අමතරව, තවත් ස්ථාන 18 කට බුද්ධි නිලධාරීන් යොදවා තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8264189201157268562

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item