ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
තවද, මෙම වගකීම් ඉටු කිරීම සඳහා තමා තෝරාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට සිය ස්තුතිය පිරිනමන ...

තවද, මෙම වගකීම් ඉටු කිරීම සඳහා තමා තෝරාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට සිය ස්තුතිය පිරිනමන ලදී. ආයතනයේ සේවය කරන සියලුම නිළධාරීන්ගේ දැනුම, අත්දැකීම් සහ දශක තුනක රාජකාරී කාලය තුළ තමා ලබාගත් දැනුම හා අත්දැකීම් නව තනතුරේ වගකීම් ඉටු කිරීමට උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බවත්, කණ්ඩායමක් වශයෙන් එකමුතුව සහ සුහදත්වයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා කැපවීම, විශේෂඥභාවය සහ නිලධාරීන්ගේ වෘත්තීයභාවය අනිවාර්ය සාධක බව ඔහු තරයේ විශ්වාස කරන බවත්, එම හැකියාවන් තවදුරටත් වර්ධනය කරගත යුතු බව ප්‍රකාශ කළේය.
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිමත් නිළධාරියෙකු වන මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා උපාය මාර්ගික නායකත්වය, අර්බුද කළමනාකරණය සහ ජාතික ආරක්ෂක විශේෂඥතාව යන ක්ෂේත්‍රවල සුවිශේෂ දැනුම් සම්බාරයක් හිමි නිළධාරියෙකි. 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට බැඳී පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සම්බන්ධ වූ ඔහු, වසර 36කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ වෘත්තීය ජීවිතය තුළ බලසේනාධිපති, අණදෙන නිලධාරි, සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා හමුදාවේ ස්වේච්ඡා හමුදාවේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර ඇත.
කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, බංග්ලාදේශය, පිලිපීනය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක යුධ හමුදා සහ ආපදා ප්‍රතිචාර පිළිබඳව විදේශ පුහුණු ලබා ඇත.
Related