අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ නිවාස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු...

අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ නිවාස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් පෙබරවාරි මස 05 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා 2022 වසරේ මැයි මස 09 වනදා අරගල සමයේ නිවාස විනාශ වූ හිටපු මැති ඇමතිවරු ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි වශයෙන් රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළේ යැයි කියා සිටියේය. ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක්ව තිබියදී එම නීතිමය සීමාව අභිබවා මෙම දේශපාලකයින්ට ඉකුත් රජය විසින් වන්දි ගෙවා තිබූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් අනාවරණය වූ බවත් පෙත්සම්කරු පවසා සිටියේය.

ඒ අනුව මෙය පැහැදිළිවම රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවත් පෙත්සම්කරු චෝදනා කළේය. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ වගකීම රජය වෙත පැවරී තිබෙන අතර 2022 වසරේ මැයි මස 09 වනදා එම වගකීම ඉටුකිරීමට එවක ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් විසින් පැහැර හැර තිබෙන බවත් මේ හේතුවෙන් රට තුළ අරාජික තත්ත්වයක් උද්ගත වූ බවත් පෙත්සම්කරු පෙත්සම තුළින් පෙන්වා දී ඇත.

වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව අනීතික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අනීතික ලෙස සිදුකළ එම වන්දි ගෙවී




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1747909404770353656

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item