මාතර අධිකරණයෙන් දේශබන්දුට විවෘත වරෙන්තුවක්

පසුගිය පෙබරවාරි 28 වන දින, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...

මාතර අධිකරණයෙන් දේශබන්දුට විවෘත වරෙන්තුවක්

පසුගිය පෙබරවාරි 28 වන දින, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. මෙම නියෝගය 2023 දෙසැම්බර් 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය.

2023 දෙසැම්බර් 31 වන දින, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණි. එහිදී, වැලිගම පිහිටි W 15 හෝටලය දෙසින් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පැවසුවේය.

මෙම සිදුවීමේදී, වැලිගම පොලිස් ස්ථානයට අයත් ජංගම මුර සංචාරක රථයක් පැමිණ, පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට වෙඩි තබා ඇත. මෙය සිදුවූයේ එම වෑන් රථයේ සිටින්නේ අපරාධකරුවන් යැයි වරදවා වටහා ගැනීමෙනි. ඒ සමගම, වෑන් රථය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, එම වෑන් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුව තිබුණි.

මෙම සිදුවීමේදී රෝහල්ගත කළ එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය. මියගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වන උපුල් චමින්ද කුමාරය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී මූලික මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, එහි තීන්දුව පෙබරවාරි 27 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙම පසුබිම තුළ, දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති අතර, වරෙන්තුව තවමත් ක්‍රියාත්මක වී නැත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2471146037872858456

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item