දේශබන්දු සැඟවිලා - තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

දේශබන්දු සැඟවී සිටින බවට තොරතුරු ඇති අය CIDට දැනුම් දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටී. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේ...

දේශබන්දු සැඟවී සිටින බවට තොරතුරු ඇති අය CIDට දැනුම් දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටී. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් ඇත්නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත්, ඔහු නීතියට අවනත නොවී සැඟවී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ සැලකිල්ලක් නොදක්වන බව ද තහවුරු කළේය.

එමෙන්ම, ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වෙනදාට වඩා වෙහෙසක් රැගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6331873442769876853

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item