ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර මැතිවරණ පිළිබඳ විශ්වාසයක් නොමැත - වී.රුද්‍රකුමාරන්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ පිළිබඳව විශ්වාසයක් නොමැති බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අගමැති වී.රුද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත. 2015.08...

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ පිළිබඳව විශ්වාසයක් නොමැති බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අගමැති වී.රුද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.

2015.08.17 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සිංහල බෞද්ධ ප්‍රථිපත්ති පිළිබිඹු කරන අන්දමින් සකස් වී ඇති බවත් වී.රුද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.

මෙවැනි පසුබිමකදී, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දමිළයින් නියෝජනය කිරීම තුලින් සිංහල බෞද්ධ ප්‍රථිපත්ති දරණ පුද්ගලයින්ව වෙනස් කිරීමට නොහැකි බවත්, දෙමළ ජනතාවගේ යහපත් තත්වය විනාශ කරන අන්දමින් දීර්ග කාලයක සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එම ප්‍රථිපත්ති අනුගමනය කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වන පුද්ගලයින්, දිවුරුම් ලබාදීමේදී, දෙමළ ජනතාවගේ කතා කිරීමේ නිදහස වැරදි ක්‍රියාවක් බව සඳහන් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික කරගෙන, දිවුරුම් ලබාදෙන බවත්, මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුමන දේශපාලන පක්‍ෂයක් ජයග්‍රහණය කලත්, එහි සිංහල බෞද්ධ ප්‍රථිපත්ති අනුගමනය කර, දෙමළ ජනතාවගේ අයිතීන් ප්‍රතික්ෂේප කරන බවත් වී.රුද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5842196892384536430

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item