රවිගේ රැස්වීමේ වෙඩිතැබීම කුඩු ලාල් හා ප්‍රින්ස් පාතාල කල්ලි දෙකේ ගැටුමක්

කොටහේන ප්‍රදේශයේ දී මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ මැතිවරණ ප්‍රරචාරණ රැස්වීමක් අතරතු සිදුවූ වෙඩි තැබීම පාතාලයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුම...

කොටහේන ප්‍රදේශයේ දී මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ මැතිවරණ ප්‍රරචාරණ රැස්වීමක් අතරතු සිදුවූ වෙඩි තැබීම පාතාලයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් බවට පොලිසිය සැක පළකරයි. මෙම ගැටුම දේශපාලනය සම්බන්ධ ගැටුමක් නොවන බවට පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ අතර අප කල සොයා බැලීමකදී හෙළි වුයේ, මින් පෙර රවී කරුණානායකගේ මැතිවරණ මෙහෙයුම් කල පාතාලයේ ප්‍රින්ස් කල්ලියට රවීගේ මෙවර මැතිවරණ කටයුතු බර නොදී සති 4කට පෙර ලංකාවට ගෙන්වූ කුඩු ලාල්ගේ පාතාල කල්ලියට බර දී තිබේ. මෙයින් උරණ වූ ප්‍රින්ස් කල්ලිය විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවත් අනුමාන කල හැකිය. එමෙන්ම මෙවන් තත්වයක් පිලිබදව කලින් අනතුරු ඇගවීම් කර තිබු බවත් වාර්තා වේ.

එමෙනම්, සිදුවීම් සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුලත රවී කරුණානායකගේ නිල FaceBook ගිණුම තුලින් මහා ප්‍රචාරයක් දීම අරඹ කර තිබුණි. සිදුවීම කෙලින්ම දේශපාලන පලිගැනීමක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ රුවත් ඇතුලත් කරමින් ජායාරුප සමග පල කරන්නටත් මියගිය සහ තුවාල ලැබූ මිනිසුන් උපරිමයෙන් විකුණගෙන කන්නට සැරසීම හිරිකිතය. මෙලෙස මිනිත්තු කීපයක් ඇතුලත ජායාරුප සාදා පලකිරීමට තරම් මෙම සිදුවීම කලින් දන සිටියද යන්න ගැන පොලිසිය සොයා බැලිය යුතුය.

මේ ගැන lankanewsweb.today වෙබ් අඩවියේ පලවී තිබු පුවත. : රවීගේ,මැතිවරණ ව්‍යාපාරය කල කුඩු ලාල්ගේ පාතාලය සහ “ප්‍රින්ස් ” පාතාලය මහා පාරේ යහපාලන ගැටුමක-අයෙකු මරුට -ආමි චමින්ද පෞද්ගලික රෝහලකට



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8234444770518258725

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item