සන්ධාන මංගල රැළියට සියල්ල සූදානම්

"රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු" යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ...


"රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු" යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ඓතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මනූෂ නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

අද පස්වරු 2.30ට පමණ මෙම සන්ධාන මංගල රැළිය ආරම්භ කරන බවත් සන්ධාන මංගල රැළියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මුළින් ආරාධනා කළද පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නිසා ඔහු අද රැළියට සහභාගී නොවන බවත් නානායක්කාර මහතා පැවසී ය.

අද පැවැත්වෙන සන්ධානයේ මංගල රැළියට ඇමති දුමින්ද දිසානායක මහතා සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳ අප කළ විමසීමකදී මනූෂ නානායක්කාර මහතා පැවසූවේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7728150300932230419

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item