කෝටි ගණනින් සල්ලි සෙලවුණු අක්ෂා සුදාරිගේ පෙම් හුටපටය

You really have bad name with in Sri Lanka from my friends information these. I looked at helping to give a new and happy life. You have always been angry with me. I only did good and looked to do good. One day when you realize or in difficulty I will still be there for You. But the past that you have done to me will remain in my heart.
එ්, චෙන්නායිහි පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩක්කිපාත් නැමැති ඉන්දියන් ජාතිකයා විසින් ඔහුගේ සිතැත්තිය වූ ශී‍්‍ර ලාංකික තරුණියක වෙනුවෙන් එවූ ආදරණීය අන්තර්ජාල කෙටි පණිඩිඩයකි. පනහස් හතර හැවිරිදි වියේ පසුවන මොහු, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එම්. බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා ද වෙයි. දරු දෙදෙනකුගේ පියෙකු වූ ඔහු ඇයට හඳුන්වා දෙනු ලැබුවේ ඉකුත් 2014 වසරේ ඇගේ මිතුරකු වූ ඉන්දියාවේ පදිංචි ටාජ්මාල් බාත් විසිනි. මේ කියන ඇය, ලංකාවේ ටෙලිනිළියකි. ඇය රූගත කිරීමකට තම රටට පැමිණෙන බව ටාජ්මාල් ගෝපිරාජ්ට කීවේය. දෙදෙනාගේ එ් හ`දුනාගැනීම දුර දිග දිගේ ආදර අන්දරයකට මුලපුරමිනි.

ඔහු ඇයගේ අවශ්‍යතා නොපිරිහෙලා සපුරාලන යහපත් ස්වාමිපුරුෂයකු ලෙස කටයුතු කිරීමේ මුවාවෙන් ඇය දැඩි සේ රවටා ඇය සමග අඹුසැමියන් වශයෙන් ජීවත් වූ බවත්, එය ඇයගේ පවුලේ අය හා වෘත්තීය සගයන් පවා දැන සිටි අතර, ඔහු ඇය රවටා සල්ලාල ජීවතයක් ගත කර, ඇගේ අනාගත ජීවිතය විනාශ කර දමන බවට ද තර්ජනය කර ඇති බවත් ඇය සිය ඇප අයැදුමේ සදහන් කර ඇත.

”මං ඔයාව බඳින්න කැමතියි. මම ඉන්නේ මගේ විවාහ ජිවිතෙන් ගොඩාක් පීඩනයට පත්වෙලා. මම මගේ වයිෆ්ව ඩිවෝස් කරනවා. ඇත්තටම ඔයාව මැරි කරනවා.”

මේ ආදරයේ ආරම්භයේදී ඔහු ඇයට සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණි. අන්තර් ඡුාලයට පින් සිදුවන්නට දෙදෙනා ගේ ආදරය දිනෙන් දින දියුණු තියුණු වන්නට විය.

”හැමදාම එයාට කතා කරන්න ඕන. එහෙම කළේ නැත්නම් එයාට තරහා යනවා.” ඇය තම යෙහෙළියන්ට කීවාය.
මාස පහක් පමණ වූ මේ අන්තර්ජාල ආදරය සජීවීව අත්වි`දිනු කැමැති වූ ගෝපිරාජ් තම හිතැත්තියට නිවාඩුවක් ගත කරනු වස් ඩුබායි නගරයට පැමිණෙන ලෙසට ආරාධනය කළේය.

”ඔයාට තනියම එන්න බෑනේ. ඔයා රෙහානා එක්ක එන්න. මං ටිකට් එවන්නම්…” එ් අනුව ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර දෙකක් ඇය වෙනුවෙන් වෙන් කෙරිණි.

මේ කියන ඇය, මේ දිනවල පුවත් මවන්නියක වූ ”ආක්ෂා සුධාරි” නම් මෙරට ටෙලි නිළියකි. ආක්ෂා තම ඥති සොහොයුරිය වන වත්තල ප‍්‍රදේශයේ පදිංචි රෙහානා සහියා සමග ඉතුත් වසරේ නොවැබර් මාසයේ ඩුබායි නගරය වෙත පියාසර කළේ තම හිතැත්තා සොයා ගෙනය. ඩුබායි නගරයේ අති සුඛෝපභෝගී හෝටලයක් වූ Novotel හි (Hotel Sute) නිවස්නයක් වෙන්කර ගත් ඔහු, එහි සියලූ විය හියදම් දැරුවේය. දින ගණනාවක් ඔහු සමග එම සුඛෝපභෝගී නිවාඩුව ගත කළ ඇය රෙහානාගේ සහෝදරයා වූ තුවාන් ඉර්ෂාඞ් ද මේ නිවස්නයටම ගෙන්නා ගත්තාය. තුවාන් යනු, ආක්ෂාගේ මෑණියන් වූ මොහිදින් වහීදා රොසානා යන අය විසින් ඇතිදැඩි කර ගනු ලැබූ ඥති පුත‍්‍රයායි. තුවාන්ට ඩුබායි රටේ රැුකියාවක් සොයා දුන්නේ ද ආක්ෂාගේ පෙම්වතා වූ ගෝපිරාජ්මය. මේ ආකාරයෙන් ගලා ගිය පේ‍්‍රම වෘත්තාන්තයෙහි පළමු නිවාඩුව ගත කර ඇය, ලංකාවට ආපසු ආවේ ඔහු විසින් තෑගි දෙන ලද තෑගි බෝග කන්දරාවක් ද රැුගෙනය.

මේ අතර, ඇය ගේ උපන්දිය යෙදී තිබුණු ඉකුත් ජනවාරි මස 31 වැනිදා තමා සමග එය සැමරීමට ඩුබායි නගරයට එන ලෙස ගෝපිරාජ් ඇයට දැනුම් දුන්නේය.

”අනේ.. මං එදාට වෙන එපොයින්මන්ට් එකක් දාගත්තා. එ්කට අනිවාර්යෙන්ම යන්න ඕන.”

”බෑ.. එහෙම බෑ.. ඔයා අනිවාර්යෙන්ම බර්ත් ඬේ එක සෙලිබ්‍රේට් කරන්න ඕන මා එක්කමයි.” ඔහුගේ ආදරණීය ආරාධනාව අණක් විය.

”එහෙනම් ඊට කලින් ඇවිත් යන්න එන්නම් ඕකේ….”

”හරි…මේ සැරේ විතරයි ඔයාට සමාව දෙන්නේ.. මීට පස්සේ එන හැම උපන්දිනයක්ම ගත වෙන්න ඕන මා එක්ක. හරිද….” ඔහු ඇයට බලකර කීවේය.

එ් අනුව ආක්ෂා ඉකුත් ජනවාරි මස 10 වැනිදා පෙර පරිදිම ඩුබායි නගරය බලා පිටත්ව ගියේ ඇගේ මව වගීදා රොෂානා සමගය. එවර ඇය ඔහු සමග දින 11ක් එම හෝටලේ ගත කළාය.

”අපි මැරි කරලා ලංකාවේ ඉන්න ගෙයක් ගම්මු…. ” ඔහුගේ යෝජනාවට ඇය ද එකහෙළා කැමති වූවාය.
”මං මගේ බිස්නස් ටිකත් පටන් ගන්න ඕන…”

”හරි හරි… ඔයාට මං අලූත්ම වාහනයක් අරන් දෙන්න ඉන්නේ බර්ත්ඬේ එකට….. ඉන්නකෝ… මං එ්ක අරන් දෙනවා අනිවාර්යෙන්ම… අපේ ගෙදරට පර්නිචර්ස් ටිකක් ගන්න ඕන. මොකද කියන්නේ මෙහෙන් අරගමු.”
එ් අනුව ඔහුට අවශ්‍ය පරිදි නවීන පන්නයේ සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණ රාශියක් ද ඔහු මිලදී ගත්තේය. එ් ඇයගේ ද කැමැත්ත අනුවය. එපමණක්ද නොව එ් භාණ්ඩ මිලදී ගැනීමට සාප්පු යද්දී ඇයට අවශ්‍ය රන් ආභරණද ඔහු මිලදී ගෙන දුන්නේය. දින ගණනක් තිස්සේ සුවපහසු නිවාඩුව ගත කළ ආක්ෂා සිය මව ද සමග නැවත ලංකාවට ආවාය.

”ආක්ෂා – ගෝපිරාජ්” ආදර අන්දරය ගලා ගියේ මාස 10ක කාලයක් පමණි.

ව්‍යාපාර කටයුත්තක් සදහා හවුල්කරුවකු වශයෙන් තමාට සම්බන්ධ වී රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කර තමා රැුවටූ බවට ගෝපිරාජ් ශී‍්‍ර ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම පැමිණිල්ල ඉදිරිපත් කළේ් ජනාධිපති නීතීඥවරයෙකු මාර්ගයෙනි. එ් ඉකුත් මැයි මස 21 වැනිදාය. ඔහු කඩිමුඩියේ ලංකාවට පැමිණ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සමග රහස් පොලිසියට ගොස් තමාට සිදුවූ අසාධාරණය පිළිබදව එහි විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කළේය.

පසුව මේ කතන්දරය කොළඹ අතිරේක මහේත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ දිගහැරෙන්නට වූයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නො. 70/15 බී, අන්දිරිස් මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයෙහි ආක්ෂා සුධාරි නොහොත් ගමගේ ආශා කුමාරි යන අය රහස් පොලීසිය විසින් සැකකාරියක ලෙස නම් කළ අවස්ථාවේදීය. මේ සිද්ධියට අදාළව තමා අත් අඩංගුවට ගත හොත් තමාගේ කීර්තියට මෙන්ම තම වෘත්තීය ජීවිතයට ද අගතියක් වන බවට සදහන් කරමින් තමාට ඇප ලබා දෙන ලෙස ඇය නිතීඥ චතුර දිසානායක මහතා මාර්ගයෙන් ඇප ඇයැදුම්පත‍්‍රයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ඉකුත් 13 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විර්මශන එ්කකයේ ස්ථානාධිපතිවරයා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහහේවා මහතා සහ පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන නිලධාරිහු පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

”මං මුලින්ම ඇයට කතා කළේ දුරකථනයෙන්. එ් හ`දුනාගැනීම නිසා ඇතිවුණ සම්බන්දේ උඩ ඇය මාව විවාහ කර ගැනීමට පොරොන්දු වුණා. මම එයා ගැන විශ්වාසය තිබ්බා. විවාහ කරගන්න නිසා මං එයාට ආදරය කළා. එ් විශ්වාසේ ආදරේ නිසා මං එයාට වියහියදම් කළා. එයා ලංකාවේ බිස්නස් එකක් කරන්න යනවා කිව්ව නිසා මං හවුල්කාරයා විදිහට එ්කට සල්ලි දුන්නා….” ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පවසා ඇත.

ඇය කාන්තා ඇඟලූම්, කාන්තා අත්බෑග්, ළමා ඇදුම්, පාවහන් සහ කාන්තා රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම ව්‍යාපාරයේ හවුල්කරුවකු වශයෙන් තමා සම්බන්ධ කරගන්නා බව පවසා එ් සදහා ආයෝජනය කිරීමට හා ව්‍යාපාරික ස්ථානය කුලියට ගැනීමට අවශ්‍ය මුදල් ඇය තමාගෙන් ඉල්ලූ බවත් ඔහු පවසා ඇත. මෙම මුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Delma Exchange මුදල් හුවමාරු ආයතනයේ කරාමා ශාඛාව මගින් ආක්ෂාගේ නමින් හැටන් නැෂනල් බැංකුව වැල්ලවත්ත ශාඛාවේ ඇමරිකන් ඩොලර්වලින් ගනුදෙනු කරනු ලබන බැංකු ගිණුමට සහ ජනාධිපති මාවත නගර ශාඛාවේ පවත්වාගෙන ගිය ශී‍්‍ර ලංකා රුපියල්වලින් ගනුදෙනු කරන බැංකු ගිණුමට එවූ බවත් ඔහු කීවේය. එම කටයුතුත්ත සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 98,000 ක් ශී‍්‍ර ලංකා මුදලින් 2,400,000.00ක් 2014 වර්ෂයේ ජූනි මස 17 වැනිදා සිට දෙසැම්බර් මස 29 වැනිදා දක්වා අතර කාලයයේදි බැංකු ගත කර තිබිණි.

එමෙන්ම, ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා තමන් ඇය හමුවී කිහිප අවස්ථාවකදීම මුදල් ලබා දුන් බවත්, එ් මුදල් ඉන්දීය රුපියල් 345, 800/-ක්ද, මැලේසියානු රිංගිට් 1,800/-ක්ද, ඇමෙරිකානු ඩොලර් 4,000ක් ද, එක්සත් අරාබි එමීර් ඩිරාම් 2,675,00ක්ද වශයෙන් ද වූ බවත් තම පැමිණිල්ලේ සදහන් කර ඇති ගෝපිරාජ්, මෙම තැනැත්තිය හවුල් ව්‍යාපාරයට තමා සම්බන්ධ කර නොගෙන මුදල් ද ආපසු ලබා නොදී මඟ හරිමින් සිටින බවත් පවසා ඇත.

අදාළ මුදල් එවිමට අමතරව විවිධ අවස්ථාවලදී (විදේශවලදී)ඇයට ඇමරිකානු ඩොලර් 232, 311.72 ක් වටිනා දියමන්ති ඇල්ලූ රන් ආභරණ ඇදුම් පැලදුම් විදුලි උපකරණ ගෘහ භාණඩ ආදිය ලබා දුන් බවද ඔහු සදහන් කරයි. ඇය තම ඇප අයැදුම්පත ඉදිරිපත් කිරීම සදහා අධිකරණය වෙත පැමිණ සිටියේද රුපියල් ලක්ෂ 45කට වැඩි වටිනාකමක් ඇති දියමන්ති ඇල්ලූ රොලෙක්ස් වර්ගයේ රන් ඔරලෝසුවක් පැල දගෙනය. එම අත් ඔරලෝසුව ඔහු විසින් තමාට තෑගි කළ එකක් බව ඇය අධිකරණයට ද කියා තිබිණි.

ආක්ෂා සුධාරි යන සැකකාරිය ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 15 වන අධිකාරියේ 389, 403 යටතේ මෙන්ම මුදල්විශුද්ධීකරණ පනත ප‍්‍රකාරවද වරදක් සිදුකර ඇතැයි අදාළ රහස් පොලිසිය අධිරණයට කරුණු වාර්තා කර තිබිණි. මේ හේතුවෙන් ඇප ඉල්ලමින් ඇය අධිකරණයට පැමිණ සිටියේ සිය මෑණියන් ද සමගමය. ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ චානක රණසිංහ මහතායි.

තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත නොකර ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් අධිකරණයේ ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමේ ඇය තම නිවැරදිතාව පිළිබදව පිටු ගණනකින් අධිකරණයට කරුණු කියා තිබිණි. තමා ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී ඇය ගෝපිරාජ් සමග ලිංගික වශයෙන් ද සබඳතා පැවැත්වූ බවත් ගෝපිරාජ් යන අය තමා විවාහ කර ගැනීමට දී තිබූ පොරොන්දුව වෙනුවෙන් එකී සබඳතාව පවත්වා ගෙන ගිය බවත් ඇය කියයි. එසේම ඔහු ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බැවින් ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ඇය ජීවත් වීම ඔහුගේ බලාපොරොත්තුව වූ නිසා එ් සදහා තමන් දෙහිවල දුම්රියපොළ පාරේ සුඛෝපභෝගි තට්ටු නිවාසයක නිවසක් මිලදී ගත් බවත් ඇය කියයි. එසේම අනාගත වියදම් සදහා ඔහු තමාට ඇමෙරිකානු ඩොලර් 40,000ක් එවූ බව ප‍්‍රකාශ කර සිටින ඇය, ගෝපිරාජ්ගේ සමාජ තත්ත්යට ගැළපෙන අයුරින් තමාට අවශ්‍ය සියලූ සැප සම්පත් නොඅඩුව ලබාදුන් බව ද පවසයි.

තම උපන්දිනය වෙනුවෙන් ඩුබායි නගරයේ ඔහුත් සමග ගත කරන කාලයේදී ඔහුගේ බිරි`ද තමාට දුරකථනයෙන් කතා කර දෝෂාරෝපණය කළ බවත්, තමා පමණක් නොව ගෝපිරාජ් තවත් මැලේසියානු කාන්තාවක් සමග ද සබදතා පවත්වන බවත් හෙළි වූ බවත් ඇය අධිරණයට පවසා ඇත. මේ කරුණු හේතුවෙන් ඔහු හා බහින් බස් වීමක් ද සිදුවූ බැවින් ඔහු එම හෝටලයේ බිල ද නොගෙවා ඇය හැරදමා ගිය බව කියන ඕ, එම සුඛෝපභෝගී හෝටලයේ බිල ද ගෙවීමට තමාට සිදුවූ බව ද කියයි. පසුව දිගින් දිගටම තමාගෙන් සමාව ඉල්ලමින් නැවත සම්න්ධය පවත්වා ගැනීමට ඔහු උත්සාහ කරන බවත්, ඔහුගේ සබ`දතා අවහිර නොකරන ලෙසත් ඉල්ලමින් ආයාචනා කර බවත් ඇය කියයි.
”මේ සල්ලි එයා මට එව්වේ ව්‍යාපාර කටයුත්තකට නෙමේ. අනාගත විවාහයට එළැඹීමේ අපේක්ෂාවෙන් කරපු පේ‍්‍රම සම්බන්ධතාවකට තමයි මේ මුදල් එව්වේ. රවට්ටලා මුදල් ගත්තේ නෑ.” ඇය එසේ කියයි.

ඔහු ඇයගේ අවශ්‍යතා නොපිරිහෙලා සපුරාලන යහපත් ස්වාමිපුරුෂයකු ලෙස කටයුතු කිරීමේ මුවාවෙන් ඇය දැඩි සේ රවටා ඇය සමග අඹුසැමියන් වශයෙන් ජීවත් වූ බවත්, එය ඇයගේ පවුලේ අය හා වෘත්තීය සගයන් පවා දැන සිටි අතර, ඔහු ඇය රවටා සල්ලාල ජීවතයක් ගත කර, ඇගේ අනාගත ජීවිතය විනාශ කර දමන බවට ද තර්ජනය කර ඇති බවත් ඇය සිය ඇප අයැදුමේ සදහන් කර ඇත.

එසේම ඇය මේ වන විට සොරයිසිස් (psoriasis) නම් රෝගයෙන් පෙළෙන බැවින් දින 15කට වරක් ඖෂධ එන්නත් කරනු ලබන බවත්, එම එන්නත් ඉතා අධික මිල බැවින් විදේශයෙන් ගෙන්වා ගන්නා බවත් පවසා ඇත.

”මගේ දුව සතිපතා රූපවාහිනී වැඩසටහන් කරනවා. විෂුවල්වලට පෙනී සිටිනවා. වෙනත් රැකියාවක් කරන්නෑ. ගෙදර වියදම් සියල්ල ඇය කරන්නේ. 2015 වර්ෂයේදි ඇය, ඇයගේ නමින් වැසල් වර්ගයේ කාර් රථයක් මිලට ගත්තා. මැයි මාසේ නුගේගොඩ රෙදි වෙළෙදසලක් ආරම්භ කළා. එ්කට මාසික කුලිය රුපියල් ලක්ෂ 3යි. ඇය අවුරුද්දකට පමණ පෙර සිට ඉන්දීය ජාතික ගෝපිරාජ් යන අය හදුනනවා. ඔහු ආකාෂාගේ ව්‍යාපාර සහකාරයා කියලා මට කියලා තිබුණා….” එ් ආකාෂාගේ මවයි.

ආකාෂා විසින් මේ වසරේ මැයි මස 26 වැනිදා අංක 155, එස් ද එස් ජයසිංහ මාවත, නුගේගොඩ ලිපිනයෙහි A ARA collection නමින් ඇගලූම් අත්බෑග් පාවහන් ආදී භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් 2014 වර්ෂයේ සිට මේ දක්වා වැසල් වර්ගයේ ජීප් රථයක් මෙන්ම දෙහිවල ප‍්‍රදේශයේ මැරායන් සිටි නැමැති නිවාස සංකීර්ණයේ නිවසක් මිලට ගෙන ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

”මගේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ ගන්න අපි දෙන්නා බැංකොක් ගියා. එ් ගමනේ සියලූ විය හියදම් දැරුවේ මම. ආකාෂා මට කිව්වා ගෝපිරාජ් කියන කෙනාව විවාහ කරගන්න පොරොන්දු වුණා කියලා. එ් වගේම එයාගෙන් මුදල් ලබා ගත්තා පස්සේ මගහරිනවා කියලාත් ඇය මට කිව්වා. බැංකොක් ගමනේදි ඇය රුපියල් ලක්ෂ 4ක් වෙස්ටර්න් යුනියන් හරහා ලබා ගත්තා. භාණ්ඩ ගොඩාක් මිලට ගත්තා. එ්වාට ගිය සල්ලි ගෝපිරාජ් දුන්නා කියලයි ඇය මට කිව්වේ. එ් වගේම ගෝපිරාජ් මිලට ගෙන දුන්නා කියලා දියමන්ති සහ රත්තරන් ආභරණ රැුසක්, රුපියල් ලක්ෂ 70ක් වටිනා වවුචර් එකක් මට පෙන්නුවා.”එ්, ආකාෂාගේ හො`දම මිතුරිය වූ මත්තේගොඩ පදිංචි ටෙලිනාට්‍ය නිළි මේනකා මධුවන්තිය.

එසේම ඇය විසින් සිදුකළයි කියන පහරදී කොල්ලකෑමක් සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක බී 4377 යටතේ ඇයට එරෙහිව මේ වන විටත් නඩුවක් විභාග වන බවත් රහස් පොලීසිය අධිකරණයට පවසා තිබිණි.

මින් වසරකට පමණ පෙර මිරිහාන ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් තුළදී ආකාෂා සුධාරි සහ මේනකා මධුවන්ති නම් දෙදෙනා අතර පැවැති හබයක් පිළිබ`දව ජනමාධ්‍ය මගින් ද හෙළිදරව් විණණි. එ් පිරිමි පුද්ගලයෙකු බෙදාගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් යැයි කනින් කොනින් ඇසුණි.

සියල්ල එසේ සිදුවිය. අවසානයේ ඇයට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා තීරණය කර තිබිණි. එ්, රුපියල් කෝටි 3ක ශරීර ඇප හා රුපියල් 25,000ක මුදල් ඇපයක් මතය. ඇයගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගත්්තේය. සෑම ඉරු දිනකම උදේ 9ත් 12ත් අතර කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ුවේ පෙනී සිටින ලෙසටද දන්වමින් දැඩි ඇප කොන්දේසි මත ඇය අධිකරණයෙන් ඇප මත මුදා හැරිණි. ඇප ලබා ගත් ඇය කිසිත් නොදන්නා පරිද්දෙන් කළු කණ්ණාඩියක් පැලැද අධිකරණයෙන් එළියට ආවේ ඡුායාරූප මාධ්‍යවේදීන්ගෙන් බේරීම සදහාය. එසේ වුවද ඇය කෝටිපතියෙකුගේ හැ`ගීම් සමග කළ සෙල්ලම මේ ආකාරයෙන් හෙළි වී හමාරය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 5810973526758178815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item