මට කියන්න ඕනේ උන ටික මෛත්‍රී කිවුවා - චනද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යළි දිවයිනට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය සිදු නොකරනු ඇති බව හිටප...

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යළි දිවයිනට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය සිදු නොකරනු ඇති බව හිටපු ජනාධිපතිනියට සමීප ආරංචි මාර්ග පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පසුගිය සතියේ රහසිගත සංචාරයක් සඳහා විදේශ වූ අතර එහිදී වාර්තා පළවුණේ ඇය විදේශ ගතව සිට නැවත පැමිණීමෙන් පසු රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ යළි දිවයිනට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිතව තිබූ ප්‍රකාශයද සිදු නොකිරීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තීරණය කර ඇති බව ඇයගේ ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත දැනුම් දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2948936220871773063

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item