තවත් බරපතල ලිංගික අපයෝජනයක්

ලොකුඅම්මාගේ අනුදැනුම මත වයස අවුරුදු 11 මාස 01 ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ශෝචනීය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වේ.  මෙ...

ලොකුඅම්මාගේ අනුදැනුම මත වයස අවුරුදු 11 මාස 01 ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ශෝචනීය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වේ. 

මෙලෙස මෙම දරුවාට අපයෝජනය කර ඇත්තේ ඔහුගේ මහප්පා වන අතර ඔහු අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 6 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

තවද කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අනුබල දුන් ලොකු අම්මාට රුපියල් ලක්‍ෂයක ඇප දෙකක් මත මුදාහැරීමටද නියම කළේය.

වින්දිත දරුවාගේ මව විදේශගතව ඇති අතර පියා වෙන්ව දිවිගෙවන බවත්, දරුවා දුරකථනයෙන් සිය මවට හා පියාට සිද්ධිය දැනුම්දීමෙන් අනතුරුව පියා විසින් පැමිණිල්ල සිදුකර ඇත. දරුවා මේ වනවිට වෛද්‍ය පරීක්‍ෂණ සදහා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කොට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8205147932133123589

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item