කොටහේනේ රැස්වීමකට වෙඩි: එකක් මරුට, 12ක ට තුවාල, 2කකට බරපතලයි [PHOTOS] : Updated

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැ...

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. එසේම තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බවත්, ඔවුන්ට හදිසි ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඒ මහතා පැවසීය.

පෙර පුවත:
අද උදෑසන කොටහේන ප්‍රදේශයේ පැවැත්වෙමින් තිබු දේශපාලන රැස්වීමක සිදු වූ වෙඩි තැබුමකින් අයෙක් මියගොස් 12 ට බරපල ලෙස තුවාල සිදු වී ඇත.

අප වාර්තාකරුවන් පවසන පරිදි එක්සත් ජාතික පෙරමුණේ රැළියක් අතරතුර මෙම සිදුවීම ඇති වී ඇත.

සිද්ධියෙන් එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර බරපල ලෙස තුවාල සිදු වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි 10ක් කොළඹ ජාතික රෝහලට රැගෙන විත් ඇත.වැඩි විස්තර බලාපොරොත්තු වන්න.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4804420331208142039

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item