අපි පෙම් කරන්නේ හැංගි හොරා නෙමෙයි

වොල්ගා කල්පනි වෙනස් වෙනස් උපාය මාර්ග යොදා ගනිමින් වාහන සීස් කරන 'අන්දර වත්තේ ටික්කි 'මේ දවස් වල කොයි කා අතරත් හරිම ජනප්‍රියයි. ...

වොල්ගා කල්පනි

වෙනස් වෙනස් උපාය මාර්ග යොදා ගනිමින් වාහන සීස් කරන 'අන්දර වත්තේ ටික්කි 'මේ දවස් වල කොයි කා අතරත් හරිම ජනප්‍රියයි. සතියේ දින පහේම ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන 'දියණියෝ' ටෙලි නාට්‍යයෙන් ඇගේ මේ වැඩ කිඩ ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහන සීස් කරන ටික්කි ගැන තව විස්තර ටිකක් දැන ගන්න ගමන්ම ඇයට පණ පොවන වොල්ගා කල්පනිගේ අලුත් තොරතුරු ටිකකුත් කතා බහ කරන්න හිතාගෙන මෙවර පිළිසඳරට ඇය එක්කාසු කර ගත්තා.

ඔන්න එහෙනම් සුබ උපන්දිනයක් කිව්වා

බොහොම ස්තුතියි.

උපන්දින සාදය ජයටම ගන්න වගේ හිතන් ඉන්නේ?

අනේ නැහැ විශේෂ මුකුත් නම් නැහැ. සුපුරු විදිහටම හැම උපන්දිනේකම කරනවා වගේ අදත් උදේම පන්සල් ගියා. ඉතින් අද ගෙදර කට්ටියත් එක්ක කොහේ හරි යන්න තමයි හිතාගෙන ඉන්නේ.


දැන් ටික්කි කියලම කතා කරන්නද?

කමක් නැහැ. මේ දවස්වල වැඩිපුර කතා කරන්නේ ඒ නමින් තමයි.

වාහන සීස් කිරිල්ලත් ලේසි නැහැ වගෙයි?

ඔව්. හැබැයි ඉතින් සීස් කරන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවලුත් තියෙනවා.

ටික්කී වෙන රස්සාවක් හොයා ගත්ත නම් හොඳ නැද්ද?

අපෝ නැහැ. එහෙම හිතෙන්නෙවත් නැහැ. කොච්චර අභියෝග ආවත් අපි පස් දෙනා කාටවත් බය නැහැ. මොකද අපි කාටවත් වැරැදි කරන්නේ නැහැ නේ. ඉතින් අපි කොහොම හරි මේ කට්ට කා ගෙන ජීවිතේ ජය ගන්නවා.

මඟ තොටේ දැක්කම කට්ටිය දැන් ටික්කිට බයයි වගේ?

මඟතොටේදී හමු වෙන රසිකයෝ ඉන්නවා. එයාල නම් ළඟට ඇවිත් වාහන ගැන කියලා විහිළු කරලා යනවා.

ටික්කි ගැන හැබෑට මොකද හිතෙන්නේ?

ටික්කි හරිම සරලයි කියලයි මතු පිටින් පේන්නේ. නමුත් ඇය පවුලට ගොඩක් ආදරේ කරන විශේෂයෙන්ම ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන්

කෙල්ලෙක්. ඇයගේ කැප කිරීම් ඉදිරියේදි දැක ගන්න පුළුවන් වෙයි.

ඕනැම කැප කිරිමක් කරන්න පුළුවන් වුණාට ටික්කි අහු වෙලා ඉන්නේ නම් බොරු කාරයෙක්ට?

ඔව්. ඒක නම් ඇත්ත තමයි. ටික්කි විතරක් නෙමෙයි ලංකාවේ ගෑනු ළමයි බාගෙට බාගයක්ම ඔය දේ වෙනවා. ඉතින් ටික්කි ආදරය ඉදිරියේ රැවටුණත් ටික්කි ගේ ආදරේ නම් හැබෑවක්.

හොඳයි අපි එහෙනම් ටික්කිට සමු දිලා වොල්ගා ගැන කතා කරමුකෝ?

වොල්ගා නම් මේ දවස් වල සතුටින් ඉන්නවා

පසු ගිය දා ලැබුණු සම්මානෙත් ඒ සතුටට එක හේතුවක් නේද?

ඔව්. ඒ මට ලැබුණු පළමු සම්මානය. 'කොළඹ අහස' ටෙලි නාට්‍යයේ චතුරි ගේ චරිතය වෙනුවෙන් තමයි මට ඒ කුසලතා සම්මානය හිමි වුණේ. ප්‍රධාන චරිතයක් ලැබුණු පළමු ටෙලි නාට්‍ය වෙනුවෙන්ම මගේ පළමු සම්මානය හිමි වීම ගැන ගොඩක් සතුටුයි.

කොළඹ අහසේ චතුරි අන්දරවත්තේ ටික්කි ටිකක් සමානයි වගේ?

ඒ දෙන්නා ජීවත් වෙන පරිසරය අතර සමානකම් තියෙනවා නමුත් ටික්කි සහ චතුරි කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.

අන්දර වත්තේ ටික්කි ගැන වගේම වොල්ගා ගැනත් මේ දවස් වල වැඩිපුර කතා බහ වෙන කාරණයක් තියෙනවා නේද?

ඒ මොනාව ගැනද..?

වොල්ගා දැන් පෙම්වතියක් කියන කාරණේ ගැනයි අපි මේ අහන්නේ?

ඔව් මේ දවස් වල වැඩි පුරම අහන්නේ ආදරය ගැන තමයි. ඒ දැනටමත් මට පෙම්වතෙක් ඉන්නවා කියලා කියපු නිසා වෙන්න ඇතියි.

කවුද මේ වොල්ගා ගේ හිත ගිය නළු පෙම්වතා කියලා තවත් හංගන් ඉන්නද කල්පනාව?

අපි ඒක වෙලාවට කියන්නම්කො..

ඔයා හැංගුවට ඔහු කවුද කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්?

හම්.... ඒක නම් දැන් ප්‍රසිද්ධ රහසක් තමයි. අපි කොහොමත් හැංගි හොරා නෙමෙයි පෙම් කරන්නේ. කොහේ ආව ගියත් අපි එකට තමයි ඒ හැම දේම කරන්නේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට ගොඩක් ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් වෙඩින් එක ළං වෙලා මේ දේවල් හෙළි කළාම අපේ පෙම් කතාවේ ලස්සනක් වගේම එහි පොඩි සප්‍රයිස් එකකුත් තියෙනවානේ.

ඔය ස්ප්‍රයිස් කිරිල්ලට තව කොච්චර කාලයක් බලන් ඉන්න වේවිද?

වැඩිය නැහැ. ලබන වසරේ විවාහ වෙන්නයි හිතන් ඉන්නේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 1723546088040691222

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item