හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 6ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉන්දියාවේදී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 6 දෙනෙකු එරට කොල්කටා විශේෂ පොලිස් බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන්...

ඉන්දියාවේදී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 6 දෙනෙකු එරට කොල්කටා විශේෂ පොලිස් බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඊයේ (14) කොල්කටාහිදී මෙලෙස අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් 6 දෙනා මීට දින 4 කට පෙර චෙන්නායි සිට කොල්කටා වෙත පැමිණ ඇති බවයි.

ඉන්දීය නිදහස් දිනයට දින 4 ක වැනි කෙටි කාලයක් තිබියදී ඔවුන් කොල්කටා නගරයට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙනු ඇති. අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර ගුණසේකරන් සහ බාලසිංහම් නමැති එල්.ටී.ටී.ඊ නායකයින් දෙදෙනෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන මාවෝවාදී ගරිල්ලන් සමඟ සබඳතා පවත්වන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම හිටපු ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු මලයාසියාවෙන් ඊයේ පිටුවහල් කරනු ලැබූ බව එරට ප්‍රවෘත්ති සේවා අද වාර්තා කළා. 37 හැවිරිදි මොහු ක්වාලාලම්පූර් නුවරදී පසුගිය අගෝස්තු 7 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2012 වසරේ සිට මොහු මලයාසියාවේ සැඟවී සිටි බව හෙලිවීයැයි එරට පොලිස්පති ටෑන් ශ්‍රී කාලිද් අබුබකර් ප්‍රකාශ කළා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3361384640729717218

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item