අහෝ අනුර - ජවිපෙට චරිත සහතිකයක් - ලංකා ඊ නිව්ස් වෙතින්

මෙය ලංකා ඊ නිව්ස් ජවිපෙ කෙරුවාව පිළිබඳව සදහන් වූ ලිපියකින් උපුටා ගන්න ලද්දකි. මෙහි එන කාරනා මේ ආකාරයෙන්ම අප නොපිළිගත්තත් ජවිපෙ දේශපාලන පක...

මෙය ලංකා ඊ නිව්ස් ජවිපෙ කෙරුවාව පිළිබඳව සදහන් වූ ලිපියකින් උපුටා ගන්න ලද්දකි. මෙහි එන කාරනා මේ ආකාරයෙන්ම අප නොපිළිගත්තත් ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස අද පත්වී ඇති තත්වය ගැන නම් අවබෝදයක් ලබා ගත හැකිය.ලංකා ඊ නිව්ස් ට අමතක වී ඇති කාරණාව නම් ජවිපෙ කරපු එකම දේ මහින්ද හොරා හොරා හොරා යන මන්තරය මැතිරීමත්, වර්තමානයේ ඔප්පු කර ගැනීමට නොහැකිව "හොරා" මන්තරය ජප කිරීම අඩු වීමයි. එනිසා කුපිත වී ඇති පිරිස් මෙසේ කෑ ගසයි.

දෙමළ ජනයාට ලබාදුන් අඩුම විසඳුමක් වූ පළාත් සභා ක්‍රමයට විරුද්ධව ප්‍රේමදාස ජනාධිපතිගේ සහායෙන් රටපුරා ප්‍රචන්ඩ ව්‍යාපාරයක් ගෙනිච්චවෙ ජවිපෙ. තවමත් ජවිපෙ පළාත් සභා ක්‍රමය පිලිගන්නේ නැහැ. ඒ වුනාට ඒවායේ ඉඳගෙන වරප්‍රසාද ගන්නවා. ජවිපෙට වැඩි ගාණක් දෙන්නැයි කියන මහත්වරුන්ට පුලුවන් ද අනුර කුමාර දිසානායකට කියල අඩු ගානේ ‘ අපි පළාත් සභා පිළිගන්නවා’ කියලා කියවන්න. ඔට්ටුයි බෑ. ජවිපෙ පරාජිකා වූ වම්මු කඩේ යැව්වට ජවිපෙ කඩේ යවන්න ඔවුන්ට බැහැ. ඇත්ත ඒකයි..

තමන්ට සන්නද්ධ බලය තිබූ 1971 සහ 1989 – 90 කාලවල ජවිපෙ හැසිරුණේ මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයක් විදිහට. එදා විරැද්ධ පාක්ෂිකයින් ඝාතනය කළේ අද අයිසිස් නම් ඉස්ලාම් මූලදර්මවාදීන් පරාද වෙන විදිහට. දරුවන් ඉදිරියේ පියවරුන් සහ පියවරුන් ඉදිරියේ දරුවන් ඝාතනය කිරීම ජවිපෙට සුලු දෙයක්. මාධ්‍යවේදීන් පමණක් සුදුවෑන් වල යැවීමට එහා ගොස් ජවිපෙ කෙළේ පත්තර වික්ක මිනිහවත් මරා දමා පත්තර තට්ටු ගිනි තැබීමයි. විකල්ප පුවත් පත් වූ ජනදින සහ ඇත්ත පත්තර මුද්‍රණය කළ ආයතන ගිනි තැබුවා.. 

එතකොට ජවිපෙට මහින්ද රාජපක්ෂ සමඟ බලය තිබූ කාලයේ. ඒ කාලයේ දෙමළ විරෝධී යුද්දයේ ජාතිවාදී පෙරමුණ වුනේ ජවිපෙ. අද වීරවංශ ගෙන යන ජාතිවාදයට මුල් පැල කරේ එදා ජවිපෙ. දහස් ගණනින් ජනයා මරා දමද්දි ජවිපෙ කිව්වේ යුද්ධයට අනුශාසනා. තියෙන ලබ්බෙන් ගහන්න අපි ලබු දෙන්නම් කීවා.

ඒ විතරක් නම් මොක ද? බලයේ සිටි ජවිපෙ ගෙනාපු වැව් දහස ගොඩ නැගිම නිකම්ම පුස්සක් වුනා. බැකෝ තියෙන ලෝකේ ජවිපෙ එදා වැව් හදන්න ගියේ උදලුතලයි තාච්චියි අරගෙන. තනිකරම පසුගාමී පක්ෂයක්. එක් ජවිපෙ මංත්‍රීවරයෙක් ආණ්ඩුවේ ගෙවල් නැදෑයන්ට දුන්නා. බොරු නම් මැල්සිරිපුරට පහලින් තියෙන ආන්ඩුවේ නිවාස වලට ගිහින් අහන්න.

ජවිපෙ මතවාදී වශයෙන් අන්ත පසුගාමී ගතානුගතික පක්ෂයක්. නූතන ලෝකයේ මිනිස්සුන්ට ගැහැනුන්ට සහ දරුවන්ට අවශ්‍ය දේ වෙනුවට පරණ සම්ප්‍රදායයන්. අනුර කුමාර දිසානායක උන්නැහේ උන්නේ කෘෂිකර්ම ඇමැති විදිහට. දින 100 ක් නොවෙයි දින 365 ක් විතර හිටියා. ඒ කාලේ කරපු මොනව හරි කෙංගෙඩියක් තියෙනව නම් කියන්න කියන්න‍. යන යන තැන ගියේ බත් ගෙඩියකුත් බැඳගෙන. පරණ තාලේමයි.

මතකද කාලයක් තිස්සමහරාමය ප්‍රාදේශීය සභාවෙ බලය ජවිපෙට ලැබුනා. ඒකට කිව්වේ අනාගතයට පාරක් කියළ. අන්තිමේදී මොකද වුණේ‍..? තිස්සමහාරාමෙන් ඇපත් නැතුව විසි වුනා. වැඩකාරයො නම් එහෙම වෙයි ද? එදායින් පස්සෙ තවම බැරිවුනා එක ප්‍රාදේශීය සභාවක්වත් දිනා ගන්න.

මේ වම්මු ඇත්ත සොයන්නේ වාමාංශික දේශපාලනයෙන් නම් යන්න ඕනෙ අඩුම ගානේ පෙරටුගාමී පක්ෂයට. සුමනසිරි ලියනගේ වගේ. එතන තියෙන්නේ ප්‍රතිපත්තියක්. ජවිපෙට ඡන්දෙ දෙන්න කියන්නේ ඒකෙන් තව ටිකක් ජනප්‍රිය වෙන්න ඕන නිසා. ඒකට ආසන කිහිපයක් දිනා ගන්න පුලුවන් නිසා. එ්කට ප්‍රචාරක යන්ත්‍රයක් තියෙන නිසා. කොච්චරද කියනව නම් වැඩියෙන්ම විකිණෙන ඉරිදා සිංහල පුවත්පත ඇතුලේ පිටු 24 ක වර්ණ අතිරේකයක් පළ කරන්න ජවිපෙට හයිය තියෙනවා. ඒකටම කෝටි ගාණක් යන්න ඇති. ජවිපෙ අද පැවැත්මෙන් හෝ ප්‍රතිපත්තියෙන් සමාජවාදී නෑ. ඒක සමාජවාදයෙන් දිළිසෙනවා විතරයි.

මේ පරාජිකා වූ වම්මු ජවිපෙට ආසන අරන් දෙන්න කියන්නේ ඔන්න ඔය හේතු නිසා මිසක් ඒකේ තියෙන අහවල් පිරිසිදුකමක් සමාජවාදී දැක්මක් නිසා නොවෙයි.. අනෙක ජවිපෙ අලුත් ආර්ථික වැඩ සටහනයි රටේ අනෙක් ධනපති පක්ෂවල ප්‍රතිපත්තියි අතර වෙනසකුත් නැහැ. 

ජවිපෙම දන්නවා මේ වම්මු කට්ටිය කඩේ යන්න එන්නේ ඇයි කියල. ඉතිහාසය පුරාම ජවිපෙ ඒ වගේ අය දාල තියෙන්නේ කුණු කූඩෙට. බලයක් ආවොත් ජවිපෙ ගන්නේ අන්ත ජාතිවාදි පැත්ත බව විජිත හේරත්ගේ කතාවෙන් පේනවා. ඔහු දෙමළ සන්ධානයේ පෙඩරල් ඉල්ලීම දැන් සිංහල ජාතිවාදය අවුස්සන්න, අවුස්සලා ඡන්ද ගොඩ ලොකු කර ගන්න පාවිච්චි කරනවා. කැත නැත්ද? අලුත් ව්‍යවස්ථාවකින් කුමන ආකාරයේ හරි බලයක් බෙදන්න ගිය ගමන් මේ විජිත හේරත් අනුර කුමාර ලා එදාට ලැජ්ජා නැතිව රට දෙකට කඩනවා යි බෑඟීරි ගහගෙන එදාට මහින්දත් සමග එකට හිට ගන්නවා ගන්නවාමයි.

ඇත්තටම නම් ජවිපෙට මහින්ද රාජපක්ෂ සමඟ ඒ තරම් ප්‍රතිපත්තිමය ගැටුමක් තියෙන්න විදියක් නෑ, එය බලය බෙදීමට විරුද්ධයි. සිංහල බෞද්ධ පක්ෂයක්. ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදීයි. 

පේන විදිහට ජවිපෙට දෙන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂට බලයට ඒමේ අවස්ථාවක් උදාවෙන බව මේ පරාජිකා කට්ටිය දන්නවා. මහින්ද රාජපක්ෂ ගණන් හදන්නේ ජවිපෙ කඩන ඡන්දවලින් දිස්ත්‍රික්ක තුන හතරක්වත් දිනා ගෙන පාර්ලිමේන්තු බහුතරය ගන්න. එතකොට ජවිපෙ බලන් ඉන්නේ බොර දියේ මාලු බාන්න වෙන්න පුලුවන්. විරෝධතා පා ගමන් තමයි ජවිපෙට වැදගත්. මහින් ද රාජපක්ෂ ආවොත් රටට හෙණ ගැහුවත් තමන්ගේ පා ගමන් දේශපාලනය කර ගන්න පුලුවන් කියළ අනුර කුමාර හිතනව ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8049666925939414867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item