එකසත්, ඒකීය දෙකම එකයි - රනිල් වචන හරබයකින් ජනතාව අන්දන්න සැරසෙයි
රනිල් වික්‍රමසිංහ මහතා බීබීසී යේ කොළඹ වාර්තා කරු අසාම් අමීන් සමග සාකච්චාවකට එක්වෙමින් පවසා ඇත්තේ එක්සත් සහ ඒකීය යන වචන දෙකෙහි වෙනසක් නොමැති...

http://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe-bbc-interview.html

ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් එක්සත් ශ්‍රී ලංකාවක් තුල බලය බෙදීම උදෙසා කලක් මුළුල්ලේ පෙනී සිටි එජාපය මෙවර 'එකීය ශ්‍රී ලංකාවක්' බවට වෙනස් වූයේ ජාතිකවාදය කරා යොමුවීමෙන් තොරව මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි නිසා දැයි බීබීසීය මතු කළ ප්‍රශනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ: "එක්සත් ශ්‍රී ලංකාවක් කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක්," බවයි.
"අපි කිසිවිටෙකත් ඒකෙන් ඈත්වෙලා නෑ. එක්සත්, ඒකීය අතරේ වෙනසක් නෑ. ඉංග්‍රීසියෙන් united, unity අතරේ වෙනසක් තියෙනව. සිංහලෙන් ඒක නෑ. එක්සත් කරනවා කියන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව සියල්ලම එකතු කරන ක්‍රියාවලිය. දේශපාලන ක්‍රියාවලිය, සංස්කෘතික ක්‍රියාවලිය. ඒකීය රාජ්‍යය කියන්නේ ඒක ඇතිකරන ක්‍රියාවලිය."
එජාපය ඒකීය රාජ්‍යයක් පිළිබඳව අවධානය පළකරද්දී, දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටීම තුල ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම යළිත් වරක් කල් දැමෙනු ඇතිදැයි විමසූ විට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමට එය කිසිදු බාධාවක් නොවන බවයි.
Related