චන්දර හොරයක් උනා, අපිටත් මන්ත්‍රී අසුනක් මුලින් තිබුනා, උසාවි යනවා - රිෂාඩ් බදුයිදීන්

මහමැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලට මන්තී‍්‍ර ධුර බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා සැක පළ කරනවා. ඔහු නායකත්වය දරණ අකිල ඉලංගෙයි ම...

මහමැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලට මන්තී‍්‍ර ධුර බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා සැක පළ කරනවා. ඔහු නායකත්වය දරණ අකිල ඉලංගෙයි මක්කල් කොංග‍්‍රසය දිස්ති‍්‍රක්ක කිහිපයක් සදහා තරග වැදුණේ එක්සත් ජාතික පක්‍ෂය සමග සන්ධානගතවයි. කෙසේවෙතත් දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය සදහා ඔවුන් තනිව තරග වැදුණා.

එහිදී තමන් ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් බවත් ඒ අනුව එම දිස්ති‍්‍රක්කයෙන් තමන්ට මන්තී‍්‍ර ධුරයක් ලැබීමට තිබූ බවයි රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ. කොළඹ ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වුවා.

"උදේ පාන්දර 4 වෙද්දීනුත් අපිට මන්ත්‍රීදුරයක් තිබුනා, එත් 5 වෙද්දීන් එක නැති උනා. පක්ෂයට ලැබීමට නියමිත තවත් මන්ත්‍රී ධූරයක් නොලැබීම වෙනුවෙන් එය ලබා ගැනීමේ අරමුණින් නීති මගින් කටයුතු කරන්න තීරණය කළා." යනුවෙන් ද එහිදී පැවසුවා.

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය සදහා නියමිත මන්තී‍්‍ර ධුර ගණන 7 ක්. ඒවායින් 4 ක් එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ අතර මන්තී‍්‍ර ධුර 2 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ තවත් මන්තී‍්‍ර ධුරයක් ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂයට හිමි වුණා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2064354004606352360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item