සභාග ආණ්ඩුව ගැන වාර්තා දෙකක් ජනපතිට

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කෙරුණු ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම සහ චන්ද්‍රිකා බ...

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කෙරුණු ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කණ්ඩායමේ වාර්තාව න් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

ඒ පිළිබද කළ විමසීමකදී ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා පැවසුවේ මීට අදාළව ඉදිරි තීරණ ගැනීම ජනාධිපතිවරයාට පැවරෙන බවයි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස් විමසීම සහ ඒවා විශ්ලේෂණය කිරිම මෙම කමිටුවට පැවරී තිබුණා.

ඇතැම් මන්තී‍්‍රවරුන් ජාතික ආණ්ඩුවට පක්‍ෂවද තවත් පිරිසක් ඊට විපක්‍ෂවද අදහස් දක්වා ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ. 

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හිටපු ජනාධිපති චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ විසින් පත්කරනු ලැබුවා. ඔවුන්ද සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4260297005550097776

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item