සිංගප්පුරුව 50 වන නිදහස අභිමානවත්ව සමරයි [PHOTOS-VIDEO]

සිංගප්පුරුව අද(09) දිනයේදී තම අභිමානවත් 50 වන නිදහස් දිනය සමරනවා. මේ වෙනුවෙන් සති කිහිපයක් පුරා විවිධ උත්සව සහ සැමරුම් අවසානයේ අද දිනයේ උත්...

සිංගප්පුරුව අද(09) දිනයේදී තම අභිමානවත් 50 වන නිදහස් දිනය සමරනවා. මේ වෙනුවෙන් සති කිහිපයක් පුරා විවිධ උත්සව සහ සැමරුම් අවසානයේ අද දිනයේ උත්කර්ෂවත් සැමරුම් උත්සවය විශාල දෙස් විදෙස් නායකයන් ඇතුළු  අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් "මරීනා බේ" හිදී අවසන් විය.

මෙයට සමගාමිව A380 මගී ගුවන් යානා, F35 ප්‍රහාරක යානා ඇතුළු තවත් විශාල ගුවන් යානා ප්‍රමාණයක් ඇතුලත් ගුවන් සංදර්ශනයක්ද පැවැත්විණි.

ආරම්භයේදී නොදියුණු කුඩා ධීවර නගරයක්ව පැවති සිංගප්පුරුව ලී කුවාන් යිවූ ගේ දේශපාලන ආගමනයත් සමග මහා පෙරලියක් ඇති කළේය. ඉතා තියුණු දැක්මකින් යුතු නායකයෙකු මෙන්ම, ශුර අධිෂ්ඨානශීලී පුද්ගලයකු වූ ඔහු රටේ අනාගත අවුරුදු 20-30 තරම් දීර්ග කාලයක් සදහා වූ මහා පරිමාන ප්‍රතිසංස්කරණ හදුන්ව දුන්නේය. එයින් නොනැවතී එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ඔහුගේ උපරිම ශක්තිය යෙදවීය. එම දුරදර්ශී, ශුර පාලකයාගේ දීර්ගකාලීන සැලසුම් වල ප්‍රතිපලය ලෙස අද සිංගප්පුරුව ලොව ආර්ථික අතින් බලවත්ම රජයන් අතරට එක්ව තිබේ. එමෙන්ම අනෙකුත් බොහෝ දර්ශක වලින් ඉදිරියෙන් සිටී.

එහෙත් සිංගප්පුරුවේ මේසා අවුරුදු 50ක ගමන් මග සුන්දර සුමට එකක් නම් නොවීය. රටේ සංවර්ධනය තම එකම අරමුණ කරගෙන කටයුතු කල අසහාය නායක ලී කුවාන් යිවූ ඔහුගේ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට නොහැකිවූ බාධක දෙවරක් නොහිතාම ඉවත් කර දැමීය. ලෝකයෙන් කෙතරම් බලපෑම් අවත ඔහු නොසැලී සිටීමට හැකිවුයේ රටේ ජනතාව ලබාදුන් සහයෝගයත් නීතිය මගින්ම රජයේ ප්‍රතිපත්ති විවේචනය තහනම් කර තිබීමත්ය. දේශපාලනික සහ අදාල නිලධාරීන් හැරුණු විට රජයේ කටයුතු වලට කිසිම තෙවන පාර්ශවයකට මැදහත් වීමට තබා විකල්ප අදහස් දැක්වීමටවත් ඉඩක් ලබා නොදුනි. එසේ දැක්වූ බොහෝ දෙනෙකු අතුරුදහන්වූ අතර තවත් සමහරක් රට හැරයාමට සිදු වූ අතර ඉතිරි පිරිස සඳහා සිර ගෙවල් වෙන් වී තිබුණි. මෙම නීති රීති අදටත් එසේම වලංගුය. 

එමෙන්ම සියලුම රටේ ප්‍රධාන සේවා සපයන බොහොමයක් ලී කුවාන් යිවූ ගේ පවුලේ සමාගම් වේ. ප්‍රවාහන සේවය, ප්‍රධානම සන්නිවේදන සමාගම, අහාර සපයන සමාගම් ඇතුළු තවත් මහා පරිමාන සමාගම් බොහොමයක් මෙයට අයත්ය.

වීඩියෝව නැරබීමට පහතටම යන්න.


Singapore's air-force forms a 50 shape to mark independence day
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
undefined
The new iconic Singapore landmark Marina Bay Sands



IT'S A BLAST: The sky lights up in a myriad of colours at #NDP2015 as fireworks go off from 7 high-rise buildings. cna.asia/sg50ndp
Posted by Channel NewsAsia Singapore on Sunday, 9 August 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 360693007574538463

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item