පාස්පෝට් සෑදීමේ අලූත් නීති

විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය අද සිට නව නීති රීති යටතේ නිකුත් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අනුව...

විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය අද සිට නව නීති රීති යටතේ නිකුත් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.මේ අනුව අද සිට නිකුත් කෙරෙන ගමන් බලපත‍්‍ර සඳහා ඇඟිලි සලකුණ ලබාගැනෙනු ඇත.

ගමන් බලපත‍්‍රය සඳහා ඡයාරූප ලබාගැනීමේ දී අද සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමත දිවයින පුරා විසිරී ඇති ඡුායාරූප ශාලාවකින් හෝ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන හෝ ශාඛා කාර්යාලවල පිහිටි ඡුායාරූප ශාලාවකින් එම ඡයාරූප ලබා ගත යුතු වේ.

මීට පෙර ගමන් බලපත‍්‍ර ලබාගැනීමේදී කුඩා දරුවන් මාපියන්ගේ ගමන් බලපත‍්‍රවලට ඇතුලත් නොකරන අතර ඔවුන් සඳහා වෙනම ගමන් බලපත‍්‍ර ලබා ගැනීම අනිවාර්ය කරුණක් බවට ද ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

විදේශ ගමන් බලපත් සැකසීමේදී අද සිට කි‍්‍රයාත්මක වන නව නීති රීති ඇතුළත් සම්පූර්ණ විස්තරය පහත දැක්වෙන අතර,ක්ෂණික ඇමතුම් 1962 මගින් හෝ දුරකථන අංක 011 532 9120 / 001 532 9123 ඔස්සේ ඕනෑම අයකුට එ් පිළිබඳ දැනගත හැකිය.

ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජෛවමිතික දත්ත ලබා ගැනීම



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7244283967091007098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item