එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යුධ අපරාධ පිලිබඳරහස් වාර්තාව හෙට ජනපති අතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් විශේෂ කමිටුවක් ලවා පිළියෙල කරන ලද ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන අපරාධ පිළිබඳ පරීක්ෂණ වාර්තාව...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් විශේෂ කමිටුවක් ලවා පිළියෙල කරන ලද ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන අපරාධ පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ රහසිගත පිටපතක් හෙට (22දා) ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබීමට නියමිත බව පැවැසේ.

කිසියම් රටකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මෙවැනි මානව හිමිකම් වාර්තාවක් පිළියෙල කරනු ලැබුවහොත් එය මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර අදාළ රටේ ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය නායකයාට රහසිගත වාර්තාවක් ලෙස ලැබෙන්නට සැලැස්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස සැලැකේ.

මේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධවලට වගකිවයුතු ආරක්ෂක හමුදා නිලධාරීන් 41 දෙනකු හා සිවිල් පුද්ගලයන් 2 දෙදෙනකු නම් කර ඇතැයි පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේදී විපක්ෂ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවත් පසුගියදා බි්‍රතාන්‍ය 'චැනල් - 4' රූපවාහිනිය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්තියකින් පැවැසුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියකින් යුත් දේශීය යාන්ත්‍රණයක් සැකැසීම සඳහා ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රහසිගත එකඟතාවකට පැමිණ ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2513864174892891834

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item