අනතුරකින් ජනපති ආරක්ෂක අංශයේ 5 ක් මරුට - 5 කට බරපතලයි [PHOTOS?VIDEO] (සංවේදී පිරිස් නැරබීමෙන් වලකින්න) - Updated
මිනුවන්ගොඩ යාගොඩමුල්ලේ සිදු වූ අනතුරකින් තුවාල ලබා ජනාධිපති ආරක්ෂක අංශයේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටී...

http://www.sathhanda.com/2015/09/accident-presidents-squad.html
පොලීසිය සඳහන් කළේ කොළඹ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් පුද්ගලික මගී බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටුණු බවයි.එමෙන්ම එය පසුකිරීමට ගිය බස් රියේද ගැටී තිබෙනවා.
තුවාල ලැබූවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පිරිස ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බවයි එහි අධ්‍යක්‍ෂවරයා තහවුරු කළේ. මෙම පිරිස නිකවැරටිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී අනතුරට පත්ව ඇති බවද සඳහන්.
Related