කැළණි ගඟේ වතුර විස වුයේ 4-මෙතිල්ඉමිඩසෝල් පිළිකා කාරකයෙන් බව තවත් තහවුරුවෙයි

පසුගියදා කැලණි ගඟට මිශ්‍ර වුණේ ඩීසල් නොව බීම නිෂ්පාදන සමාගමක්‌ විසින් බැහැර කළ අපද්‍රව්‍යයක්‌ බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ...

පසුගියදා කැලණි ගඟට මිශ්‍ර වුණේ ඩීසල් නොව බීම නිෂ්පාදන සමාගමක්‌ විසින් බැහැර කළ අපද්‍රව්‍යයක්‌ බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා 'දිවයින' පුවත්පතට පවසා ඇත.


එම බීම නිෂ්පාදන සමාගම අපද්‍රව්‍යයක්‌ ලෙස බැහැර කරන මෙම කාබනික රසායනයට පිළිකා ඇති කිරීමට පමණක්‌ නොව වකුගඩු අක්‍රීය කිරීමට ද හැකියාවක්‌ ඇතැයි දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

බහුජාතික සමාගමක් වන 'කොකා කොලා' සමාගමේ බියගම කම්හලින් කැළණි ගඟට තෙල් බැහැර කිරීමක් සම්බන්ධයෙන් මේවනවිට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.

එහෙත් දේශපාලන බලවතුන් කිහිපදෙනෙකුගේ මැදහත්වීම මත මෙම සිදුවීම යටපත් කිරීමේ තැතක් ඇති බව වාර්තා වේ.සිදුවීමට කොකා කෝලා සමාගමේ සම්බන්දතාවයට වඩා වෙනත් කරුණු මාධ්‍ය මගින් ඉස්මතු කරමින් කොකා කෝලා සම්බන්ධතාව යටපත්කිරීමෙන් සුක්ෂම වැඩපිළිවෙලක්ද ඇති බව වාර්තා වේ.

කොකා කොලා මෙන්ම පෙප්සි බීමද නිෂ්පාදනය සඳහා යොදා ගන්නා "caramel color" වල  4-මෙතිල්ඉමිඩසෝල් පිළිකා කාරකය අඩංගු වන බව මේ වනවිට බොහෝ රටවල් සොයාගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 611515852115880360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item